ඒ අනුව අදාළ තීරණය ගෙන ඇති අතර, කඩිනමින් එය පිහිටුවා එක දිගට නඩු ඇසීමට සැලසුම් කර ඇත. අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ ඇමැතිවරයා විසින් කරන...
ඒ අනුව අදාළ තීරණය ගෙන ඇති අතර, කඩිනමින් එය පිහිටුවා එක දිගට නඩු ඇසීමට සැලසුම් කර ඇත.
අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ ඇමැතිවරයා විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයාට එවැනි අධිකරණයක් පිහිටුවීමට බලය තිබේ. ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උපදෙස් මත අදාළ ඉල්ලීම අධිකරණ ඇමැතිවරයා විසින් කඩිනමින් සිදු කරනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් විමසීමට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් සහ අල්ලස් කොමිසමෙන් නඩු පවරා ඇති සහ විමර්ශන සිදු කරන වංචා-දූෂණ යට ගැසීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත්, ඒ හරහා ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වෙමින් පවතින බවත් සිවිල් සංවිධාන මඟින් ද දිගින් දිගටම අවධාරණය කර තිබිණි.
පරාක්‍රම දිසානායක
COMMENTS