Hot!

පෝද්දලගේ පරීක්ෂණ කරන්න නම් පැහැරගත් වාහනයේ අංකය ඉල්ලයි

පෝද්දලගේ පරීක්ෂණ කරන්න නම් පැහැරගත් වාහනයේ අංකය ඉල්ලයි

පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපිය ඔහු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති අතර, නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එය නුගේගොඩ, මිරිහාන ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලබා දී ඇත.

ඉන්පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පෝද්දල ජයන්තට ඊ-මේල් මඟින් දන්වා යවා ඇත්තේ තමන් පැහැරගත් වාහනයේ අංකය සහ අනෙකුත් දන්නා තොරතුරු වහාම එවන ලෙස ය.

ඊට පිළිතුරු ලෙස පෝද්දල ජයන්ත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දන්වා එවා ඇත්තේ පැහැරගත් වාහනයේ අංකය දන්නේ නම් මීට පෙර තම මාධ්‍ය සගයන් ඊට අදාළ සැකකරුවන් සොයා ගනු ඇති බවයි. අනෙක් අතට සුදු වෑන් රථයකින් පුද්ගලයකු පැහැර ගැනීමට සත්‍ය අංක තහඩුව සහිතව වාහනයක් ගෙනෙන්නේ කවුද යන්න සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට අදහසක් තිබිය යුතු බව ද පෝද්දල ජයන්ත අවධාරණය කර තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමඟ එම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් මේ සිද්ධියට ද සම්බන්ධදැයි සැකයක් මතු වූ නිසා අදාළ ලිපිය පෝද්දල ජයන්ත විසින් පොලිස්පතිවරයා වෙත යවා තිබේ. එසේ ම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බව ද පෝද්දල ජයන්තගේ පාර්ශ්වයෙන් වාර්තා වේ.

ශාලික විමලසේන

0 comments:

Post a Comment