තරගය ලන්ඩන් කෙන්නින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක මෝගන පන්දු යැවීම තෝරා ගත්තේය. පළම...
තරගය ලන්ඩන් කෙන්නින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක මෝගන පන්දු යැවීම තෝරා ගත්තේය.
පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6 කට ලකුණු 305 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ගේ ශතකය කැපී පෙනිණි. ඔහු ලකුණු 128 ක් ලබාගත් අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 79 කට දැවී ගියේය.
පන්දු යැවීමේදී දස්කම් දැක්වූ ලියාම් ප්ලන්කට් ලකුණු 59 කට බංග්ලාදේශ පිතිකරුවන් සිව්දෙනෙකු දවාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පිතිකරුවන් කඩුලු දෙකක් පමණක් අහිමි කරගනිමින් සිය ඉලක්කය සපුරා ගත් අතර ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දුවාර 47 කුත් පන්දු 2 ක් පමණි. කැපීපෙනෙන ඉනිම ක්‍රීඩා කළ ජෝ රූට් නොදැවී ලකුණු 133 ක් ලබාගත් අතර ඇලෙක්ස් හේල්ස් ශතකය පෙනි පෙනී ලකුණු 95 කට දැවී ගියේය. ජෝ රූට් සමග එක්ව සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය නායක මෝගන් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 75 කි.
දැවී ගිය කඩුලු දෙක හිමිකර ගැනීමට මෂ්රෆ් මොර්ටාසා සහ ෂබීර් රහ්මන් සමත් විය.
තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ශතකලාභී ජෝ රූට් සමත් විය.
තරගාවලියේ දෙවැනි තරගය හෙට (02) ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර බර්මිංහැම් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
COMMENTS