සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක හයදහසකි. යානාව කක්ෂගත කිරීමට නියමිත ප්‍රදේශයේ උෂ්ණත්වය දළ වශයෙන් ෆැරන්හයිට් අංශක දෙදහස...
සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක හයදහසකි. යානාව කක්ෂගත කිරීමට නියමිත ප්‍රදේශයේ උෂ්ණත්වය දළ වශයෙන් ෆැරන්හයිට් අංශක දෙදහස් පන්සීයක් පමණ වනු ඇත. මෙම උෂ්ණත්වයට ඔරොත්තු දීම සඳහා යානාව නිපදවා ඇති අතර, කෙසේ නමුත් නාසා ව්‍යාපෘතිය මෙම අදියරේදී මුහුණ දෙන විශාලතම අභියෝගය වනු ඇත්තේ ද මෙයයි.
මේ අතර සූර්යයා වෙත ළඟා වීමේ චාරිකාව අතරවාරයේ පාකර් යානාවට සෙනසුරු ග්‍රහයා වටා සත් වතාවක් පියාසර කරන්නට ද සිදුවනු ඇත.
සූර්යයා පිළිබඳව එතෙක් මෙතෙක් කාලයක් තුළ ලබානොගත් සහ හෙළි නොවූ තොරතුරු රාශියක් මෙමගින් හෙළි කර ගන්නට හැකි වෙතැයි විශ්වාස කෙරේ. වසර 2025 ජූනි මාසය දක්වාම මෙම යානය සූර්යයා පිළිබඳ ඔත්තු සපයමින් උඩු ගුවනේ රැඳී සිටිනු ඇත.
-අමාලි ජයවීර
COMMENTS