ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ සිදු වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් අදාල සිදුවීම සම්බන්ධයෙ...
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ සිදු වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් අදාල සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටි අතර ඒ සඳහා කතානායකවරයාගේ සහ ආණ්ඩු පක්ෂයේ අනුමැතිය හිමිව තිබේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණි අතර අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලීසිය පහරදීමට ලක්විය. මෙම සිදුවීම හේතුවෙන් සිසුන් 79 ක් රෝහල් ගතකිරීමට සිදුවිය.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ සිසුන්ගේ ප්‍රහාර හේතුවෙන් අමාත්‍යංශය ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති බවයි.
COMMENTS