වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාළ ජාවාරම වටා මිලියනයකට ආසන්න ග්‍රාහක පිරිසක් බිහිව ඇති අතර එම පිරිසට අදාළ නාලිකා පහසුකම සැපයීම වෙනුවෙන් වා...
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාළ ජාවාරම වටා මිලියනයකට ආසන්න ග්‍රාහක පිරිසක් බිහිව ඇති අතර එම පිරිසට අදාළ නාලිකා පහසුකම සැපයීම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3ත් 5ත් අතර මුදලක් නීති විරෝධී ආකාරයෙන් රටින් පිට කිරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටියි.
මෙම ජාවාරම පිළිබඳ මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වන අතර මෙරට ජාතික ආරක්ෂාව, මෙරට විනිමය නීතිවලට පටහැනිව සිදු වන මුදල් විදේශගත කිරීම, බිලියන ගණනක බදු මුදලක් රටට අහිමි වීම, සිනමා කර්මාන්තයට සිදු කරන බලපෑම, ඉන්දීය වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරණය හරහා සිදු කරන බලපෑම සහ විදෙස් රූපවාහිනී විකාශනය සඳහා බලපත්‍රලාභී ආයතන මුහුණ දී ඇති දුෂ්කරතා ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව එම පැමිණිලි හරහා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධව අප කළ සොයාබැලීමේ දී විදුලි සංදේශන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකුම සඳහන් කර සිටියේ විදුලි සංදේශන නියාමනයට අදාළව මෙරටට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් සහ විෂය දැනුම සම්බන්ධව ඇති දුර්වලතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ මතුව ඇති බවය. එසේම ලෝකයේ සීමිත රටවල් කිහිපයක හැර අනෙක් කිසිදු රටක් දේශීය නියෝජිතායතනයක් හෝ බලපත්‍රලාභියකු නොමැතිව විදේශීය නාලිකා විකාශය කිරීමට ඉඩ නොදෙන බවත් මෙරට මතුව ඇති තත්ත්වයට කඩිනම් පියවර නොගතහොත් ඉතා අහිතකර ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු විය හැකි බවත් ඔහු පවසති.
සංජය ලියනගේ - සත්හඬ
COMMENTS