හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකරනු ලැබූ ජපන් සංචාරයේදී, ප්‍රසිද්ධියේම ඔහු හා උදයංග වීරතුංග හමුවී එකට සිටගත් ඡායාරූප සමාජ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකරනු ලැබූ ජපන් සංචාරයේදී, ප්‍රසිද්ධියේම ඔහු හා උදයංග වීරතුංග හමුවී එකට සිටගත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන් හරහා ප්‍රසිද්ධ කරනු ලැබූ පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රීලනිප පාර්ල්මේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකළාපය සාධාරණීකරණය කිරීම සඳහා ශ්‍රීලනිප මහලේකම් මහින්ද අමරවීර මහතා සහ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පෙරමුණ ගෙන ඇතැයි වාර්තා වේ.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකළාපය විවේචනය කරමින් ජාතික රූපවාහිනියේ ‘සෝදිසි' වැඩසටහන පසුගිය දා විකාශනය වූ අතර එසේ විකාශනය වූ සැණින් මහින්ද අමරවීර හා ඩිලාන් පෙරේරා ජන සන්නිවේදන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අමතා දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ. ඔවුන් අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ‘රාජ්‍ය නාලිකාවලින් ශ්‍රී ලංකා කාරයින්ට ගහන එක වහාම නවත්වන්න ' යනුවෙනි.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මුග්ධ ක්‍රියාකළාපය සාධාරණීකරණය කර ඇති අමාත්‍යවරුන් පවසා ඇත්තේ උදයංග වීරතුංගව හමුවීම අරුන්දිකගේ පුද්ගලික අයිතිවාසිකමක් බවත් එම අයිතිවාසිකම විවේචනය කිරීමට රාජ්‍ය මාධ්‍යන්ට අයිතියක් නැති බවයි. මේ පිළිබඳව කරුණු දක්වන්නන් පෙන්වා දෙන්නේ අමාත්‍යවරුන් දෙදෙනා අවසාන වශයෙන් ආරක්ෂා කරන්නේ අරුන්දික ප්‍රනාන්දුව නොව උදයංග වීරතුංගව බවයි.
COMMENTS