එමෙන්ම ගංගා වල මෝය කටවල ගොඩනැගිලි ඉදිකිරීමට අවසර දුන් පරිසර ඇමතිවරු,පරිසර ආයතන වල නිලධාරීන් මේ ව්‍යසනයට වගකිව යුතු බව හෙතෙම අවධාරණය කළේය....
එමෙන්ම ගංගා වල මෝය කටවල ගොඩනැගිලි ඉදිකිරීමට අවසර දුන් පරිසර ඇමතිවරු,පරිසර ආයතන වල නිලධාරීන් මේ ව්‍යසනයට වගකිව යුතු බව හෙතෙම අවධාරණය කළේය.කෙසේ වෙතත් මෙරට පොදු ජනතාව හා පෞද්ගලික මාධ්‍ය ආයතන නොහිටින්න විපතට පත් ජනතාව අදටත් බඩගින්නේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති බවත් ආණ්ඩුවේ නිලධාරීන් සිදු කළේ ජනතාවගෙන් හා මාධ්‍ය ආයතන හරහා ලැබෙන ආධාර ජනතාවට බෙදා දීම බව හදුන්නෙත්ති මහතා කියා සිටියේය.
මේ අතර රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් කෙසෙල් ගෙඩි 5කට තමන්ගේ නම සහිත ලේබලයක් ඇලවීමට තරම් පහත තත්ත්වයට පත්වූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සභික බිමල් රත්නායක මහතාද සහභාගී විය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=s8bTRu-As6g&feature=youtu.be[/youtube]
COMMENTS