දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආර්ථිකයේ 3.8%ක වර්ධනයක්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු  කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා  දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථි...


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු  කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා  දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු  නිකුත් කොට ඇත.

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියලි කාලගුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපා ඇත.

2017 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.8 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2017 පළමු කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,161,770 කි. 2016 පළමු කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,082,544 ක් විය.

2017 පළමු  කාර්තුවේ දී, ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් සියයට 7.0 ක්, සියයට 30.8 ක්, සියයට 52.3 ක් සහ සියයට 9.9 ක් ලෙස වාර්තා වේ. තව ද මෙම කාර්තුවේ දී අනෙකුත් අංශ අභිබවා කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සියයට 6.3 ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේම සේවා අංශයේ ආර්ථික කටයුතු  වාර්තා කර ඇති වර්ධනය සියයට 3.5 කි. කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් වාර්තා කර ඇත්තේ සියයට 3.2 ක  සෘණ වර්ධනයකි.

2016 පළමු කාර්තුවට සාපේක්ෂව 2017 පළමු කාර්තුවේ දී ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින්   “වන වගා සහ දැව”, “සත්ත්ව නිෂ්පාදන” , “කුළුබඩු වගා කිරීම” සහ “කරදිය ධීවර කටයුතු”  යන  අංශ පිළිවෙළින් සියයට 9.3ක්, සියයට 6.9 ක්, සියයට 6.1 ක් සහ සියයට 5.8 ක් යනාදී වශයෙන් සැළකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් 2017 පළමු කාර්තුවේ දී වී හා පොල් වගාකරන ප්‍රදේශවල පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා “වී වගා කිරීම” සහ “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව” පිළිවෙලින් සියයට 53.1 ක සහ සියයට 10.2 ක ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.    එසේම “රබර් වගා කිරීම” සහ “තේ වගා කිරීම”යන ආර්ථික කටයුතු පිළිවෙලින්  සියයට 17.2 ක් සහ සියයට 5.7ක් වශයෙන් ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

2017 පළමු කාර්තුවේ දී “ඉදිකිරීම් කර්මාන්තය” සියයට 16.1 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. එසේ ම “පතල් හා කැනීම් කර්මාන්තය” සියයට 17.9 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර  “ජලය එක්රුස්කිරීම, පිරිපහදු කිරීම හා බෙදාහැරීම” සියයට 21.6 ක ඉහළ වර්ධන වේගයක්  වාර්තා කර ඇත. ආර්ථිකයේ “නිමැවුම් කර්මාන්ත කටයුතු”  අතුරෙන් “ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදනය” වාර්තා කර ඇත්තේ සියයට 0.3 ක ඝෘණ වර්ධනයකි. එහෙත් “ලෝහ නොවන අනෙකුත් ඛනිජ නිෂ්පාදනය”, “යන්ත්‍රසුත්‍ර සහ උපකරණ නිෂ්පාදනය”  සහ “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” යන දළ දේශීය නිෂ්පාදිතය සදහා සැලකිය යුතු දායකත්වයන් සහිත නිමැවුම් කර්මාන්ත පිළිවෙලින් සියයට 19.5ක්, සියයට 18.2ක් සහ සියයට 0.6ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

සේවා අංශය 2016 පළමු කාර්තුවට සාපේක්ෂව 2017 පළමු කාර්තුවේ දී සියයට 3.5ක වර්ධන වේගයක් ලඟා කරගෙන ඇත. එහිදී  “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා කටයුතු”, “සෙඛ්‍ය සේවා”, “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු” සහ “ප්‍රවාහන සේවා” යන සේවා ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 14.9 ක්, සියයට 11.1 ක්, සියයට 4.5 ක් සහ සියයට 3.1 ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේම “අනෙකුත් පුද්ගලික සේවා කටයුතු” සියයට 2.0 ක වර්ධනයක් වාර්තා කර ඇත.

2017 පළමු කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ http://ift.tt/1yIZV2r වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28646,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආර්ථිකයේ 3.8%ක වර්ධනයක්.
ආර්ථිකයේ 3.8%ක වර්ධනයක්.
http://ift.tt/2sAm2Ak
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy