කාසියේ වාසිය දිනූ ඉන්දියානු නායකයාගේ ඇරයුමින් පන්දුවට පහරදීමට පැමිණි අසාර් අලි සහ ෆකාර් සමාන් පළමු කඩුල්ලට ලකුනු 128 ක සාර්ථක සබඳතාවයක් ප...
කාසියේ වාසිය දිනූ ඉන්දියානු නායකයාගේ ඇරයුමින් පන්දුවට පහරදීමට පැමිණි අසාර් අලි සහ ෆකාර් සමාන් පළමු කඩුල්ලට ලකුනු 128 ක සාර්ථක සබඳතාවයක් පැවැත්වීමට සමත් වූ අතර එම සබඳතාවය අවසන් වූයේ අසර් අලි ලකුණු 59 කට දුවද්දී දැවීයාමකට හසුවීම නිසාය.
සිය සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන ෆකාර් සමාන් මංගල ශතකය ලබාගැනීමට සමත් වූ අතර ඔහු දැවීයන විට ලකුණු 144 ක් ලබාගෙන සිටියේය. එය ඔහු පිටපිට ලකුණු 50 ඉක්මවූ තුන්වැනි අවස්ථාවයි. සිව්වැනි පන්දුවාරයේදී ඔහු කඩුලු රකින ක්‍රීඩකයාට උඩපන්දුවක් ලබාදුන් අතර එම පන්දුව නිපන්දුවක් ලෙස සටහන් කෙරිණි.
බාබර් අසාම් ලකුණු 46 ක් හා මොහමඩ් හෆීස් ලකුණු 57 ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී බුවනේෂ්වර්, පාන්ඩ්‍යා සහ ජාදව් එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ.
COMMENTS