මෙහි මාසික කුලිය ලක්ෂ 60කි. මෙම අධිකාරිය තම ආදායමෙන් කෝටි 70 බැගින් අවස්ථා කිහිපයකදීම මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදී ඇත. එසේ තිබියදී අධිකාරි...
මෙහි මාසික කුලිය ලක්ෂ 60කි. මෙම අධිකාරිය තම ආදායමෙන් කෝටි 70 බැගින් අවස්ථා කිහිපයකදීම මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදී ඇත. එසේ තිබියදී අධිකාරිය සඳහාත් ගොඩනැගිල්ල ඉදිකර ගැනීමේ හැකියාව තිබියදීත් මෙම මුදල කුලී මුදල වශයෙන් ගෙවනු ලබයි.
මේ පිළිබඳව අධිකාරී පරිපාලනයෙන් කරුණු විමසා ඇති ප්‍රවාහන හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා කටුනායක නයිකන්ද ප්‍රදේශයේ ස්ථිර ගොඩනැගිල්ලක් කඩිනමින් පිහිටුවීමට පියවර ගෙන ඇත. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වසර 1.5කට පෙර මුල්ගල් තබා ඇතත් මෙතෙක් නිමකොට ඇත්තේ තට්ටු 04ක් පමණක් බවද වාර්තා වේ.
වත්මන් ගොඩනැගිල්ල එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතකුට අයත් එකක් බවද අධිකාරී සේවකයින් පවසයි.
COMMENTS