රත්නදීප ජන්මභූමි ඇසුරේ නොදැනුනු රොමැන්තික දේශප්‍රේමයක් ඒ කවිය ඇසුරෙහි තවමත් විදිමි.සේකර ගේ යථාර්තවාදී යැයි කියවෙන කවි වලට වඩා එදවස්හි මට ...
රත්නදීප ජන්මභූමි ඇසුරේ නොදැනුනු රොමැන්තික දේශප්‍රේමයක් ඒ කවිය ඇසුරෙහි තවමත් විදිමි.සේකර ගේ යථාර්තවාදී යැයි කියවෙන කවි වලට වඩා එදවස්හි මට දැනුනේම ඔහුගේ රොමැන්තික කවිය.ඒ අතරේ උමතු රසිකත්වයකින් යුතුව වැළදගත් කවි කිහිපයක් විය.
නිම් වළල්ලෙන් එපිට
සදරැස් ගලන නිල් මිටියාවතේ
නිහඩතාවය තුලින් මතු වී
ඔබේ පා මුදු හඩ ඇසේ
අහස් ගග බඩ හිමව් කුළු මත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ.....
සේකර ට හසු වූ ආදරයේ රොමැන්තික ප්‍රහර්ෂය එබදුය.වරෙක ඔහු මෙසේ ලියුවේය.
අරුණෝදයේ ලා හිරු රැස් මත නටන
පිණි බිදුවක් ලෙස ඔබ මට මුණ ගැසිණ
දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිණි බිදුවක් ලෙසට ඔබ අහසට නැගින.
ප්‍රේමය රොමෑන්තිකකරණය කල සේකර මරණය ට අසාමාන්‍ය ලෙස පෙම් බදින්නට විය.එහිදී ඔහු අතිශයින්ම යථාර්තවාදී විය.
මන්ද ඔතන හැංගී නුඹ කරන්නේ
අන්දකාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ
නොකා නොබී වස්තුව සරි කරන්නේ
සදාකල්ම ලොව ඉන්නයි බලන්නේ
හොරා වගේ උඹ විත් අත වනන්නේ
එදා තමයි කාගෙත් අැහැ ඇරෙන්නේ
මරණයට පෙම් වැඩූ සේකර මනුසත්කමෙහි නිර්මලත්වය සොයා ගෙන ගියේ මෙලෙසිනි.
"අහස් පැහැය උකුව මැවුණු
ඈත නීල කදු වැටි මත
පාට පාට සැදෑ වළා කැළුම් අතර
දුන්හිද දියලුම ඇලි තුළ
අන්තිමේදි මට හමු විය
මිනිසාගේ හද තුළ එය
"කොතරම් දැඩි හදක් වුවද
යම් දවසක
දයා දියෙන් ආර්ද වී
කදුළු සලන මොහොතක් ඇත
"විදුරු මිණක් සේ බබලන
ඒ හදවත
මේ මොහොතේ අත්ලට ගෙන
බලනු මැනවි
මේ මිහිපිට කිසිම දෙයක්
ඒ තරමට සුන්දර නැත"
සේකර ට ජීවිතයේ බොහෝ දේ මුණ ගැසිණි.ඒ බොහෝ හැගීම් වලට හෙතෙම අවංක වන්නට ඇත.ඇතැම් විටෙක රොමෑන්තික වන්නටත්,ඇතැම් විටෙක විඥාණවාදී වන්නටත් සේකර පොලඹවන්නට ඇත්තේ ඒ අවංක බවම විය යුතුය.එහෙත් ඒ සියලු විඥාණවාදී වට වංගු අතරින් සේකර සිය ගමනාන්තයට ළගා වුනේය.ඒ නිශ්චිත මොහොත වන විට සේකර යථාර්තවාදියෙකු වූ අතර,ඔහු "විප්ලවය"සිය කවියේ ආත්මය බවට පත් කර ගත්තේය."ප්‍රබුද්ධ"ගේ මුවගට ඔහු මෙවදන් නැංවූයේ එබැවිනි.
"යසෝදා
පසක් කළා මම තවත් සත්‍යයක්
සාගතයෙන් පෙළෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙළෙන අයට
පසක් කරගත නොහැක ධර්මය
සුන්දරත්වය,නිවන,සත්‍යය
"ධර්මය වටහා ගත හැකි
සත්‍යය,සුන්දර බව දැක ගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැගීමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇදුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය"
"ඒ සදහා මම නවතිමි
නැවතීමමය ගමන
සංසාරයය නිවන"
සමාජය වඩා යහපත් තැනක් බවට පත් කර ගැනීමේ සිහිනය සැබෑ කර ගනු වස් "ඉර හද තරු මකා දමමු"යැයි යෝජනා කල කවියා සේකරය.එහෙව් කවියෙකු සමරන්නට අපිත් ජනවාරි 14 මාතර ට එන්නට සූදානමින් සිටින්නෙමු.
ඔව්....අපි නැවත සේකර ව කියවමු.ප්‍රේමයේ රොමැන්තික මිහිරියාව අතරින්,මරණයේ සදාතනික අන්ධකාරය අතරින් විප්ලවයේ උණුසුම් හැගීම් සොයා යන්නට
14 මාතර ට එන්න...........
COMMENTS