ඊබ්‍රාහිම් රයිසි ඉස්ලාමීය විප්ලවය සහ අයතුල්ලා කුමේනිගේ ජනතා ව්‍යාපාරයේ නායකයා වශයෙන් තමන්වම හඳුන්වාගත් අපේක්ෂකයා ය. යම් හෙයකින් ඔහු තේරී ...
ඊබ්‍රාහිම් රයිසි ඉස්ලාමීය විප්ලවය සහ අයතුල්ලා කුමේනිගේ ජනතා ව්‍යාපාරයේ නායකයා වශයෙන් තමන්වම හඳුන්වාගත් අපේක්ෂකයා ය. යම් හෙයකින් ඔහු තේරී පත්වුවහොත් හිටපු ජනපති අහමදිනජාද් මෙන් අන්තගාමී තත්වයකට රට යා යැකි බවට විචාරකයන් මීට පෙර පෙන්වා දී තිබිණි. මේ අනුව මධ්‍යස්ථ ඉරාන වැසියන්ගේ ජයග්‍රහණයක් ලෙසද රුහානිගේ ජයග්‍රහණය සැලකේ.
පසුගිය වසරේ පැවති ඉරාන මහමැතිවරණයෙන් ද ලිබරල්වාදීන් ලබාගත් අති විශිෂ්ට ජයග්‍රහණයත් සමග රුහානිට ඔහු විසින් යෝජනා කළ ප්‍රතිසංස්කරණ වෙත පහසුවෙන් යා හැකි තත්ත්වයක් රට තුළ ඇති වේ යැයි විශ්වාසය පළ වේ. විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාව සමග යහපත් සබඳතා ඇති කර ගැනීමට ඔහුට හැකි වේ යැයි විශ්වාස කෙරේ.
ඇමරිකාවේ ඉරාන විරෝධී හැසිරීමට වෙනස් අන්දමක පිළිතුරක් හසන් රුහානිගෙන් බලාපොරොත්තු විය හැකි බව විචාරකයන්ගේ මතයයි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේදී තර්ජනය කර තිබුණේ ඉරානය ලෝක බලවතුන් සමග අත්සන් කර තිබෙන න්‍යෂ්ටික ගිවිසුම ඉරා දමන බවට ය. ඉරානය සතුරෙක් සේ සලකන සෞදි අරාබිය සහ ඊශ්‍රායලය යන රටවල ට්‍රම්ප් මේ වන විට සංචාරයක ද නියැළෙමින් සිටියි. හෙට දිනයේ සෞදි අරාබියේ රියාද් නගරයේදී ට්‍රම්ප් කතාවක් පවත්වන්නට නියමිත අතර එහිදී ද ඔහු ඉරානයට දැඩි සේ පහර ගසනු ඇතැයි අපේක්ෂා කෙරේ.
-අමාලි ජයවීර
COMMENTS