දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඊළඟට රැස්වෙන්නේ සංශෝධිත කැබිනට් මණ්ඩලයක්.

අමාත්‍ය මණ්ඩලයේ මීළඟ රැස්වීම සංශෝධිත ඇමැති මණ්ඩලයේ සහභාගීත්වයෙන් ලබන සතියේ පැවැත්වෙනු ඇති බව කැබිනට් මණ්ඩල කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි....


අමාත්‍ය මණ්ඩලයේ මීළඟ රැස්වීම සංශෝධිත ඇමැති මණ්ඩලයේ සහභාගීත්වයෙන් ලබන සතියේ පැවැත්වෙනු ඇති බව කැබිනට් මණ්ඩල කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැති මණ්ඩල රැස්වීම අවසන් කෙරෙන විට ඊළඟ රැස්වීම පැවැත්වෙන දිනය හා වේලාව ප්‍රකාශයට පත් කිරීම සිරිතක් වුවද ඊයේ (09දා) පැවැති කැබිනට් රැස්වීම අවසානයේ රැස්වෙන දිනයක් ප්‍රකාශ නොවීම ඇමැති මණ්ඩල සංශෝධනයක් අනිවාර්යෙන්ම ඉදිරි දින කිහිපයේදී සිදුවන බවට පෙර නිමිත්තකැයි මැති ඇමැතිවරු අතර කතා බහට ලක් වී ඇත.

මාස ගණනක සිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන කැබිනට් සංශෝධනය මෙතෙක් පමාවී ඇත්තේ, එජාප අභ්‍යන්තර අර්බුදයන් හේතුවෙනි.

තමන් දරන ඇමැතිධුරයෙන් ඉවත් කළහොත් පාර්ලිමේන්තුවේ පසුපෙළ වාඩිවී, බැඳුම්කරයට අදාළ සියලු රහස් හෙළිකරන බවට ප්‍රබල ඇමතිවරයකු අගමැතිවරයාට දිගින් දිගටම තර්ජනය කරමින් සිටිම ඊට හේතුව බව  'සිරිකොත' එජාප ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද, ඇමැති මණ්ඩල සංශෝධනය ප්‍රමාද වීමට හේතු සාධකයක්ව පැවැති මුදල් ඇමැති ධුරය සඳහා මතභේදයකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකු පත් කිරීමටද තීරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අගමැතිවරයා තවදුරටත් කැබිනට් මණ්ඩල සංශෝධනයකට එකඟ නොවන්නේ නම්, ලබන මින් ඉදිරියට තමා කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැතිවරයාගේ සමීප හිතවතකු වන එජාප ප්‍රබල අමාත්‍යවරයකු වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසිය.

දැනට එජාපයට බාර දී ඇති කිසිඳු අමාත්‍යංශයක් ශ්‍රීලනිපයට පවරා නොගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී එම ඇමතිවරයාට සහතික වී ඇතැයි ද ඔහු කියා සිටියේය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29544,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඊළඟට රැස්වෙන්නේ සංශෝධිත කැබිනට් මණ්ඩලයක්.
ඊළඟට රැස්වෙන්නේ සංශෝධිත කැබිනට් මණ්ඩලයක්.
http://ift.tt/2qpSBzI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_726.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_726.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy