මෙලෙස මිය ගොස් ඇත්තේ නාගවිල්ලුව දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති කටු පදුරු සහිත ලදු කැලෑවල වාසය කරන හදුන්දිවියෙකු බවට ප්‍රදේශවාසීන් සැක ...
මෙලෙස මිය ගොස් ඇත්තේ නාගවිල්ලුව දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති කටු පදුරු සහිත ලදු කැලෑවල වාසය කරන හදුන්දිවියෙකු බවට ප්‍රදේශවාසීන් සැක පලකරති.
අදාල හදුන් දිවියා මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙලෙස රිය අනතුරකට මුහුණ දී ඇති බව කියයි. කෙසේ නමුත් පුත්තලම කොළඹ මාර්ගයේ ධාවනය වන බහුතරයක් වාහන අධික වේගයෙන් ගමන් කිරීම මෙවැනි අනතුරුවලට මූලික කරුණු බව ජනතාව පෙන්වා දෙති.
ලදු කැලෑ සහිත ස්ථාන පසු කරමින් අධික වේගයෙන් වාහන ධාවනය කිරීම නිසාවෙන් මුගටින්,කලවැද්දන්,කබරයින්,නාගයින් වැනි සතුන්ගේ ජීවිත බිලි ගැනීම මෙමගින් නොකඩවා සිදුවන බව කියයි.ඒ වන විටත් අදාල හදුන් දිවියාගේ මළ සිරුර ඉවත් කිරීමට හෝ නිරික්ෂණය කිරීමට කිසදු වගකිවයුතු බළධාරියෙක් ඉදිරිපත් නොවීම තවත් ගැටළු සහගත තත්ත්වයකි.
- පුත්තලම කේ.ප්‍රියංකර -
COMMENTS