දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දයාසිරි, සියඹලාපිටිය, චන්දිම, විජයමුණි ඉවතට.

සෙනසුරු අපලය ලෙස ‘අද නොවෙයි හෙට' අයුරින් දිග්ගැස්සෙමින් පවතින කැබිනට් සංශෝධනය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංක...


සෙනසුරු අපලය ලෙස ‘අද නොවෙයි හෙට' අයුරින් දිග්ගැස්සෙමින් පවතින කැබිනට් සංශෝධනය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සූදානම් බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ඛණිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා වැනි අමාත්‍යවරුන්ගේ තනතුරු අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

ඉහත කී අමාත්‍ය පිරිසෙන් එක් අයෙකු කැබිනට් මණ්ඩලයේ හිදිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ සියළු ‍තොරතුරු ලබාදෙන පුද්ගලයෙකු බව රාජ්‍ය බුද්ධි සේවය (SIS) මගින් පවා තහවුරු කර තිබේ. මෙම පුද්ගලයා පිළිබඳව ජනාධිපතිවරයා තදබල කලකිරීමකින් සහ කෝපයෙන් පසුවන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අනෙක් අමාත්‍යවරුන් සිය පදවි අහිමිකර ගැනීමට හේතු වී ඇත්තේ එකී ධූරයන් පිළිබඳව ඔවුන් දක්වන අකාර්යක්ෂමභාවයයි (Non performers).
ඔවුන්ගෙන් හිස්වන ධූර සඳහා ජේෂ්ඨ අමාත්‍ය එස්.බී. දිසානායක, සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා සහ තිලංග සුමතිපාල පත් කිරීමට නියමිත බව සඳහන්.

කැබිනට් සංශෝධනයේදී එජාපයේ වෙනස්වන තනතුරු පිළිබඳව කළ විමසීමකදී, එජාපයේ ජේෂ්ඨයෙකු පවසා සිටියේ අගමැතිවරයා තමන්ගේ අමාත්‍යවරුන් පිළිබඳව තබා ඇති විශ්වාසය ඔවුන් කඩ කොට නැති බැවින් හා තම විෂය පථය තුළ ඔවුන් පසුගිය වසර 2 ක කාලය තුළ ලබා ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අගමැතිවරයා සෑහීමකට පත්වී ඇති බැවින් තනතුරු සංශෝධනය නොවන බවයි.

අප කලින් වාර්තා කළ ආකාරයට අගමැතිවරයා ජනාධිපතිවරයාට ස්ථිරව ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව එජාපයට අයත් අමාත්‍යංශ පිළිබඳව එජාපයටත් ශ්‍රීලනිපයට අයත් අමාත්‍යංශ පිළිබඳව ශ්‍රීලනිපයටත් තීරණ ගැනීමට ඉඩ හැරිය යුතු බවකි.

කෙසේ නමුදු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 23 වෙනිදා ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිත අතර මේ මස 28 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට නියමිත වේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29575,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයාසිරි, සියඹලාපිටිය, චන්දිම, විජයමුණි ඉවතට.
දයාසිරි, සියඹලාපිටිය, චන්දිම, විජයමුණි ඉවතට.
http://ift.tt/2rl2ZZP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_665.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_665.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy