දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක දයාසිරි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් ප්‍රකාශකයකු පත් කිරීමට ගනු ලැබූ තීරණයකට අනුව, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නම ඒ සඳ...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් ප්‍රකාශකයකු පත් කිරීමට ගනු ලැබූ තීරණයකට අනුව, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නම ඒ සඳහා යෝජනා වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරංචිමාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හැරුණු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් කැබිනට් අමාත්‍යවරයකු මීළඟ කැබිනට් මාධ්‍ය හමුවට එක්වන බව සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා 'බීබීසී සිංහල සේවය'ට පැවසීය.

ඒ සඳහා තමාගේ නම යෝජනා වුවද, තමා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කල බව හිටපු කැබිනට් ප්‍රකාශකයකු වූ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කල විමසීමකදී පැවසිය.

රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් මීට ඉහතදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට යළිත් හමුදාපති පදවිය හෝ එවැනි ඉහල තනතුරක් භාරගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල සාකච්ඡාවක දී ප්‍රකාශ කරන ලද බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවක දී සඳහන් කිරීම මුල්කර ගනිමින් ඔහු සහ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අතර හටගත් විවාදයෙන් අනතුරුවය.

"ජනාධිපතිතුමා 'කොලොප්පමට' කළ ප්‍රකාශයක් රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් තීන්දුවක් ලෙස කැබිනට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කළා," යනුවෙන් ඒ පිළිබඳව ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳුදා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.

"රාජිත සේනාරත්න ඇමතිවරයා ඉන් පෙරත් එවැනි දේ කැබිනට් මාධ්‍ය හමුවලදී කියල තියෙනව. කැබිනට් තීන්දු තීරණ නොවෙයි, ඔහු කියන්නේ ඔහුගේ පෞද්ගලික අදහස්," සෙනෙවිරත්න ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහෙත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගටම සම කැබිනට් ප්‍රකාශකවරයකු වශයෙන් කටයුතු කරනු ඇති බව සඳහන් කළ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් ප්‍රකාශකවරයා තමන් හෝ දුමින්ද දිසානායක ඇමතිවරයා නොවන බව අවධාරණය කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29544,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක දයාසිරි.
ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක දයාසිරි.
http://ift.tt/2q7CwLV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_549.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_549.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy