ගම් දොරින් පැන පැන කුන්දු සරසවිගෙ බැල්මෙන් පිබිද අමනන්ද කූල් ටූර් ගමන් හැර පිටකොටුවට බැස කම්කරු තොප්පිලා ගෙන ගිනි මකරුන් පරෙවියන් වූ ...
ගම් දොරින් පැන පැන කුන්දු
සරසවිගෙ බැල්මෙන් පිබිද අමනන්ද
කූල් ටූර් ගමන් හැර පිටකොටුවට බැස
කම්කරු තොප්පිලා ගෙන
ගිනි මකරුන් පරෙවියන් වූ වෙලාවයි
අපායේ විවේකය සංඥාව ලැබු වෙලාවයි..
දෑත කර ගැට සිඹින සිවලුන් හදුනන්න
නාස් රෙදි කඩ සෙමෙන් ගලවන්න
අත්තම්මාගෙ වෙස් ගෙන ඔය නිදන උන් හදුනන්න
පක්ෂ දුහුලෙන් දෑස් පිසදා විමසන්න
මේ වෘකයින් සිල් ගත් වෙලාවයි
දිනූ දේ උන් පිදේනිය කොට ඉල්ලා සිටිනා වෙලාවයි..
මල් පහන් තෙල් හදුන් හැම ගෙන එන්න
ගොඩ දිය මස් ද පුළුටු ද යහමින දවටන්න
පන්දම් පාලියෙන් පෙරමග වැතිරෙන්න
යකුන් වුව උන් නම් මහරු වග සලකන්න
ඉතිං නුඹලා යකුන් රකිනට මහා ශාන්තිය අරඹන්න
එළැඹ ඇත්තේ වෙලාවයි
පන්ති සටනේ මහරු අරුමය
රටට දනවන වෙලාවයි..
සටන් මග මිය ගිය සොයුරන්ට
ත්‍රෛයිලෝක සුව ගෙන එන්න
වෙදදුරු දාහ හත් පට්ටයකින් සුගක් ගෙන දබරැගිල්ලට
සටන් මග අතුරන්න
එළැඹ ඇත්තේ වෙලාවයි
රතු ධජය වෙද නලාවක එල්ලා මරණා වෙලාවයි..
COMMENTS