දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පරණ පුරුදු නවත්තන්න - යුරෝපා සංගමයට ආණ්ඩුවෙන් පොරොන්දුවක්

ඒ මීට වසර 07කට ඉහත දී රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වන ලද බව පවසමින් අත්හිටුවන ලද GSP+ තීරු බදු සහනය පසුගිය 19 වන දා සිට යළිත් ලංකාවට ප්‍රද...

පරණ පුරුදු නවත්තන්න - යුරෝපා සංගමයට ආණ්ඩුවෙන් පොරොන්දුවක්
ඒ මීට වසර 07කට ඉහත දී රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වන ලද බව පවසමින් අත්හිටුවන ලද GSP+ තීරු බදු සහනය පසුගිය 19 වන දා සිට යළිත් ලංකාවට ප්‍රදානය කරන බව මාධ්‍යවේදීන්ට දැනුම් දීම සිදු කෙරුණු අවස්ථාවේදීය. මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර නීති 27ක් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් GSP+ තීරු බදු සහනය නැවත ලබා දීමට තීරණය කළ බව යුරෝපා සංගමය පවසයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා බදු සහනය අත්හිටවූ පළමු රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. යුරෝපා සංගමය පවසන්නේ වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේත් වධහිංසා පැමිණවීම සිදු වන බවයි. එහි දී අදහස් දක්වමින් ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලයේ ප්‍රධානී තානාපති ටුන් ලායි මාර්ගු පවසා සිටියේ බරපතළ ගැටලු කිහිපයක් සඳහා මේ වන තෙක්ම විසඳුම් ලැබී නොමැති බවයි. එසේම බලහත්කාරයෙන් සිදු කරන ළමා විවාහ, ලංකා සමාජයේ ඇතැම් කොටස්වලට එරෙහිව ක්‍රියාත්මක වන නීති ඇති බව ද හෙතෙම පැවසුවේය.

එසේම මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මාම්ස්ට්‍රොම් මෙම පුරුදු වහාම අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් යුරෝපා සංගමයේ නියෝජිතයන් පවසා සිටියේ ආරක්ෂක අංශ සාමාජිකයන් හෝ වෙනත් පුද්ගලයන් හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නම් රජය ඊට එරෙහිව පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. එසේම ඔවුන් පවසන්නේ සැබෑ සංහිඳියාවක් උදාකර ගැනීමට තවත් කළ යුතු බොහෝ දෑ ඇති බව සහ ඒ සම්බන්ධව තමන් අධීක්ෂණය කරන බවයි.

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව පියවර නොගන්නා බවට ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් මෙහි දී මාධ්‍යවේදීන් යුරෝපා සංගම් නියෝජිතයන්ගේ අවධානය යොමු කළේය.

යුද්ධයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව රජය මිශ්‍ර පණිවුඩ යවන බවට ශ්‍රී ලංකා දූත මණ්ඩල දේශපාලන අංශ ප්‍රධානී පෝල් ගොඞ්ෆ්‍රී චෝදනා කළේය. ඔහු පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවයි.

ප්‍රදීපා වීරසේකර - සත්හඬ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරණ පුරුදු නවත්තන්න - යුරෝපා සංගමයට ආණ්ඩුවෙන් පොරොන්දුවක්
පරණ පුරුදු නවත්තන්න - යුරෝපා සංගමයට ආණ්ඩුවෙන් පොරොන්දුවක්
http://ift.tt/2pYLy0Y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_442.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_442.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy