දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'නිම්නයක හුදෙකලාවේ' පුංචි කෙල්ල දැන් ලොකුයි.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල චන්ද්‍ර ධර්මප්‍රිය අන්කල්ගෙ ධවල මායාවී නාට්‍යයෙයි, ලක්ෂ්මන් පුෂ්පකුමාර අන්කල්ගෙ අලුත් නාට්‍යයකයි ව...


කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල චන්ද්‍ර ධර්මප්‍රිය අන්කල්ගෙ ධවල මායාවී නාට්‍යයෙයි, ලක්ෂ්මන් පුෂ්පකුමාර අන්කල්ගෙ අලුත් නාට්‍යයකයි වැඩ කරනවා.
ඊට අමතරව සති අන්තයේ ධ්ඊව් එකේ රෑ අටට විකාශය වෙන 'සියත් අරම' කියලා නාට්‍යකත් මම ඉන්නවා.
රචිනි සිනමා තිරයෙනුත් මේ දවස්වල කලඑළි බැහැලනේ?
මම සම්බන්ධ වුණු නිම්නයක හුදෙකලාව චිත්‍රපටය දැන් තිරගත වෙනවා. මම අවුරුදු දහයෙදී විතර තමයි ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඒත් චිත්‍රපටය එළියට එනකොට මට අවුරුදු විස්සක් වෙලා.
ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් එක්ක වැඩකරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
රවීන්ද්‍ර රන්දෙනිය අන්කල් වගේ ගොඩක් ප්‍රවීණ අයත් එක්ක තමයි මම වැඩ කළේ. ඒක මට ලොකු සතුටක්.
රචිනිට ඔවුන්ගෙන් මොන වගේ සහයෝගයක් ද ලැබුණේ?
එයාලගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. එයාලා මට හරිම ආදරෙයි. සෙට් එකට ගියාම බයක් දැනෙන්නෙ නැහැ. අනික එයාලගෙන් මම හුඟාක් දේවල් ඉගෙන ගත්තා. දෙබස් කියද්දි වුණත් මම අලුත් දේවල් ඉගෙන ගත්තා.
පළමුවෙනි සිනමා අත්දැකීමේ අමතක නොවන මතකත් ඇති?
'නිම්නයක හුදෙකලාව' චිත්‍රපටයේ එක සීන් එකක් තිබුණා සෞම්‍ය අන්කලුයි මමයි දුවන එකක්. අන්කල් හයියෙන් දුවද්දී මාව එක තැනක වැටෙනවා. වැටිලා මගේ කකුල තුවාල වුණා. ඒ මාක් එක තවමත් මගේ කකුලේ තියෙනවා.
රචිනි කියන්නේ රංගනයට එන්න ලොකු කැමැත්තකින් හිටපු කෙනෙක්ද?
මම ඇත්තටම ආසයි රඟපාන්න. මගේ අම්මිගෙත් ආසාවක් තිබුණා ඒ ගැන. අම්මි තමයි මට මේ තැනට එන්න පාර හදලා දුන්නේ.
රචිනිට ක්ෂේත්‍රයේ ‍ෙදාරගුළු හැරෙන්නේ කොහොමද කියලත් කියමු?
රොජර් සෙනෙවිරත්න අන්කල් අපේ තාත්තිගෙ හොඳ යාළුවෙක්. එයා දවසක් අම්මිට කෝල් කරලා කියලා තිබුණා ඩ්‍රාමා එකකට පොඩි දුවක් හොයනවා ඉන්ටවිව් එකට මාව එක්කගෙන එන්න කියලා. ඒ ඉන්ටවිව් එකෙන් තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ. මවු දෙව්දුව කියන ටෙලි ඩ්‍රාමා එකට තමයි මම ඒ විදියට සම්බන්ධ වුණේ. එතකොට මට අවුරුදු හයයි.
සමහර අය රංගන ක්ෂේත්‍රයට එන්න බය වෙනවා. ඔයාට එහෙම බයක් තිබුණෙ නැද්ද?
නෑ. මොකද මම අවුරුදු හයෙන්නෙ ෆීල්ඩ් එකට ආවේ. ඉතින් මට කරන්න බැරි චරිත ලැබුණේ නැහැ. අනික මම කට්ටිය හඳුනනවා. එයාලාත් මට හරිම ආදරෙයි. ඉතින් මට බයක් එහෙම දැනුණෙ නැහැ.
දැන් මුළු කාලයම රංගන කටයුතුවලටද වෙන් කරලා තියෙන්නෙ?
මම නීතිය පැත්තෙන් අධ්‍යාපනය හදාරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒ අතර රංගන කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා. මම ගිය අවුරුද්දේ උසස් පෙළ කරලා දැන් ටපඥඥ එකේ ඉන්න නිසා රංගන කටයුතුවලට වෙන් කරන්න කාලය තියෙනවා.
රංගනයට ද අධ්‍යාපනයටද වැඩිපුර බරක් දෙන්න හිතන්නේ?
ඉගෙනීම් කටයුතු වගේම රංගනයේ යෙදෙන්නත් කැමැතියි. රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න දැන් ලොකු අවස්ථාවක් තියෙනවා. දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න තමයි බලපොරොත්තු වෙන්නේ.
පුංචි තිරයටද සිනමාවටද වැඩිපුර කැමැති?
දෙකටම ගොඩක් ආසයි. සිනමාවට ටිකක් වැඩිපුර ආසයි. මොකද ටඪතථ එකක් කරනවා කියන එක නාට්‍යයක් කරනවට වඩා ටිකක් වෙනස්නෙ. දෙපැත්තෙන්ම හොඳ චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.
රචිනිගේ රංගන කටයුතුවලට පවුලෙන් මොන වගේ සහයක්ද ලැබෙන්නේ?
තාත්ති නම් ලංකාවේ නැහැ. ඒ නැති වුණත් නිතරම ඛ්චතත කරලා හොයලා බලනවා. ඉතින් අම්මියි, තාත්තියි, නංගියි තමයි මට හුඟාක් උදවු කරන්නෙ.
ආදරේ කියන මාතෘකාව ගැන කතා කරන්න දැන් වයස සුදුසුයිද?
එහෙම ආදරයක් තවම නම් නැහැ. දැන්ම පටන් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. අනික මට ඒකට තව ගොඩක් කල් තියෙනවා.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'නිම්නයක හුදෙකලාවේ' පුංචි කෙල්ල දැන් ලොකුයි.
'නිම්නයක හුදෙකලාවේ' පුංචි කෙල්ල දැන් ලොකුයි.
http://ift.tt/2qm4pPb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_421.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_421.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy