ආර්ථික සංවර්ධනයේදී එය මධ්‍යම ආණ්ඩුවට තනිව කළ නොහැකි හෙයින් ඒ සඳහා පළාත් සභා හා ආයෝජකයින් සම්බන්ධ කරගත යුතු බවයි අගමැතිවරයා කියා සිටියේ. ක...
ආර්ථික සංවර්ධනයේදී එය මධ්‍යම ආණ්ඩුවට තනිව කළ නොහැකි හෙයින් ඒ සඳහා පළාත් සභා හා ආයෝජකයින් සම්බන්ධ කරගත යුතු බවයි අගමැතිවරයා කියා සිටියේ. කර්මාන්තකරණයට හා යටිතල පහසුකම් දියුණු කිරීමට, නිවාස ඉදිකිරීමට,සංචාරක ව්‍යාපාරය,කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තය දියුණු කිරීමට දැනටමත් සාකච්ජා කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
"යුද්ධය නිසා උතුරු පළාත වසර 25 ක් පමණ තිස්සේ කඩා වැටුණා. වර්තමානයේදී ආර්ථිකය අතින් අඩුම ප්‍රගතියක් පෙන්වන්නේ උතුර. උතුරේ ආර්ථික ප්‍රගතිය දකුණටත් බලපානවා. උතුරේ ආර්ථිකය නැංවීමට නම් කඩා වැටි ඇති ආර්ථිකයන් කෙරෙහි අවධානයක් යොමු කර ඒවා දියුණු කළ යුතුයි. එය මහා ආණ්ඩුවට විතරක් තනිව කරන්න බැහැ. ආර්ථික දියුණුවක් ලබා ගැනීමට නම් ආර්ථික වර්ධන වේගය 6%කට වඩා වැඩි වියයුතුයි."
ඒ අනුව උතුර සංවර්ධනය සඳහා මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් සභාවේ නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන බව අගමැතිවරයා පැවසීය. ඒ සඳහා උතුර පළාත් සභාවේ ඇමතිවරු, යාපනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සෙසු අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවත් යුද්ධය අවසන් වී ඇති මොහොතක දේශපාලන වශයෙන් ප්‍රගතියක් අත්පත් කරගන්නා අතරතුර ආර්ථික සංවර්ධනය කරාද ගමන් කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS