ආයතන නීති රීති අනුව හෙට දිනයේ වෙනත් කුමන කටයුතු යෙදී තිබුණද පොලිපතිවරයා විසින් කැඳවන රැස්වීමට සහභාගී විය යුතු නිලධාරීන් ඊට සහභාගී වීම අනි...
ආයතන නීති රීති අනුව හෙට දිනයේ වෙනත් කුමන කටයුතු යෙදී තිබුණද පොලිපතිවරයා විසින් කැඳවන රැස්වීමට සහභාගී විය යුතු නිලධාරීන් ඊට සහභාගී වීම අනිවාර්යය. අදාල සියල්ලන් දන්නා පරිදි හෙට පැවැත්වීමට නියමිත ඔතරම් වටිනා මහා සභාවේ දී පොලිස්පතිවරයා විසින් කියවනු ඇත්තේද ඔහු පසුගියදා ගිය රුසියානු සංචාරයේ පම්පෝරියය. එහෙත් එය අසන්නට යා යුතුව ඇත. පොලිපති පූජිත ජයසුන්දර මේ තනතුරට ආ දා පටන් කරන ලද විකාර අතරින් මෙය තදබල ම විකාරයක් වනු ඇත.
ජීවිත 81කට මරු කැඳවමින්, සියයකට අධික පිරිසක් අතුරුදන් කරවමින්, විසි දහසකට අධික පිරිසක් අවතැන් කරවමින් තවමත් ගලා යන අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොලීසියට අපමණ රාජකාරි පැවරී ඇත. පොලිසියේ සියළුම නිවාඩු පවා අවලංගු කරනු ලැබ ඇත. එහෙයින් දිවයිනේ සියළුම පාහේ ඉහළ පොලිස් නිලධාරීන් බලාපොරොත්තු වී ඇත්තේ මෙම සභාව කල් දමනු ඇතැයි කියා ය. එහෙත් මේ වන තෙක් එසේ එම සභා රැස්වීම අවලංගු කරන දැන්වීමක් ලැබී නැත.
මේ පිළිබඳව අප්‍රසාදය පළ කරමින් දකුණු පළාතේ ඉහළ පොලිස් නිලධාරියකු පැවසූයේ " කවුරු මිසින් උනත් ජොබ් එක මිසින් කරගන්න බැරි නිසාත් හෙට නොගියොත් ජොබ් එක මිසින් වෙන නිසාත් අපි උදෙ 8.00 වෙනකොට යනවා" යනුවෙනි.
විෂය භාර ඇමති සාගල රත්නායක, මෙය ඔබේත් අවධානය පිණිසය. පොලිස්පති වරයාට පිස්සු කෙළින්නට ඉඩහැර පසුව එය විවේචනය කිරීමෙන් තේරුමක් නැත. ඇමති බලතල භාවිතා කරමින් මේ විකාර නතර කිරීමට මෙවරත් නොහැකි නම් මේ පිළිබඳ දැනට ඇති ජනතා අප්‍රසාදය තව තවත් වැඩි වනු මිසක අඩු නොවනු ඇත.
COMMENTS