සුළිසුළඟේ බලපෑම ඉන්දියාව සහ මියැන්මාරයට ද ඇතිවිය හැකි බව බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බංග්ලාදේශයෙන් ලැබෙන නිල වාර්තාවල...
සුළිසුළඟේ බලපෑම ඉන්දියාව සහ මියැන්මාරයට ද ඇතිවිය හැකි බව බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බංග්ලාදේශයෙන් ලැබෙන නිල වාර්තාවලට අනුව මේ දක්වා විපත් කිසිවක් වාර්තා නොවේ. නමුත් එරටින් ලැබෙන ප්‍රජා පුවත් සහ පුරවැසි මාධ්‍ය වාර්තාවලට අනුව රොහින්ගියා මුස්ලිම්වරුන් රැඳී සිටින සරණාගත කඳවුරු දෙකක් පමණ සුළිසුළඟෙන් සහමුලින්ම පාහේ විනාශ වී ගොස් තිබේ. අසල්වැසි මියැන්මාරයේ ඇතිවූ ආගමික ප්‍රචණ්ඩත්වයෙන් බේරීම සඳහා බංග්ලාදේශයට පළා ආ රොහින්ගියා මුස්ලිම් ජනයා දහස් සංඛ්‍යාවක් බංග්ලාදේශයේ ජීවත් වෙති. සුළිසුළඟෙන් මුලින්ම විපතට පත් වූ කොක්ස් බසාරයේ ඔවුන් ජීවත් වන විශාල කඳවුරු පිහිටා තිබේ.
-අමාලි ජයවීර
COMMENTS