තමන් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට අවතීර්ණ වන බවක් බ්ලෙයා සෘජුව කියන්නේ නැත. නමුත් සමීප ආරංචි මාර්ග පවසන්නේ බොහෝ විට ඔහු අලුත් දේශපාලන පක්ෂයක්...
තමන් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට අවතීර්ණ වන බවක් බ්ලෙයා සෘජුව කියන්නේ නැත. නමුත් සමීප ආරංචි මාර්ග පවසන්නේ බොහෝ විට ඔහු අලුත් දේශපාලන පක්ෂයක් හෝ නව දේශපාලන ව්‍යාපාරයක් නුදුරේදීම ආරම්භ කරනු ඇති බවයි.
හිටපු අගමැති ටෝනි බ්ලෙයා මෙයට විසි වසරකට පෙර එනම් 1997 වසරේදී ඓතිහාසික ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය පදවියට පත්විය. නමුත් කෙසේ නමුත් මේ වන විට ඔහු සිය ලේබර් පක්ෂය (බ්‍රිතානය කම්කරු පක්ෂය) ඇතුළත එතරම්ම ජනප්‍රිය චරිතයක් නොවේ. එසේම 2007 වසරේ අග්‍රාමාතවරයා වශයෙන් ධූර කාලය අවසන් කරන විට ඔහු ඉරාක යුද්ධය අනුමත කිරීම සහ ඇමරිකාවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට බ්‍රිතාන්‍ය මැදිහත්වීම වැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් විශාල වශයෙන් ජනතාව අතර අප්‍රසාදයට පත්ව සිටියේය.
ද මිරර් ටැබ්ලොයිඩ් පුවත්පතට ටෝනි බ්ලෙයා පවසා තිබෙන්නේ තමන් දේශපාලනයට නැවත පිවිසීම සඳහා සෘජු උත්තේජකය වූයේ බ්‍රෙක්සිට් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජනමතය දැඩි ලෙස විභේදනය වීම බවයි. මෙම බෙදීම මෘදු බවට පත්කර ''ප්‍රතිපත්තිමය විවාදය හැඩගැන්වීම'' සිය අරමුණ බව ඔහු පවසා ඇත.
COMMENTS