ජර්මානු තානාපති කාර්යාලය පිහිටි සැන් බැක් චතුරස්‍රය ආසන්නයේදී බෝම්බය පුපුරා ගොස් තිබේ. ඒ අවට තානාපති කාර්යාල කිහිපයක් පවතින අතර කෙසේ වෙතත...
ජර්මානු තානාපති කාර්යාලය පිහිටි සැන් බැක් චතුරස්‍රය ආසන්නයේදී බෝම්බය පුපුරා ගොස් තිබේ. ඒ අවට තානාපති කාර්යාල කිහිපයක් පවතින අතර කෙසේ වෙතත් මියගොස් ඇත්තේ සාමාන්‍ය ජනතාවයි.
එරට ආරක්ෂක අංශ පවසන්නේ මෝටර් රථයක සවිකර තිබූ බෝම්බයක් පුපුරවා හැර ඇති බවයි. බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අවට මීටර් 100 ක් දක්වා නිවෙස්වල වීදුරු ජනෙල් බිඳී ඇති අතර ආරක්ෂක අංශ පවසන්නේ මෙය ඉතා විශාල පිපිරීමක් බවයි.
මේ අතර තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ මෙම බෝම්බ ප්‍රහාරයට තම සංවිධානයේ සම්බන්ධයක් නොමැති බවයි. අයි.එස්. සංවිධානය තවමත් ප්‍රකාශයක් සිදුකර නොමැති අතර පසුගිය කාලසීමාවේදී ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රහාර රැසක් පිටුපස සිටියේ මෙම ආයුධ සන්නද්ධ සංවිධාන ද්විත්වයයි.
COMMENTS