දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උතුරේ LTTEය වැවූ තේක්ක කැළෑ හමුදාව බලෙන් කපනවා?

එල්ටීටීඊ සංවිධානය විසින් මෙයට දශක දෙක තුනකට පෙර වවන ලද සරුසාර තේක්ක වගාවන් මේ වන විට උතුරු නැගෙනහිර ස්ථානගත කර සිටින හමුදාව විසින් විශාල ව...


එල්ටීටීඊ සංවිධානය විසින් මෙයට දශක දෙක තුනකට පෙර වවන ලද සරුසාර තේක්ක වගාවන් මේ වන විට උතුරු නැගෙනහිර ස්ථානගත කර සිටින හමුදාව විසින් විශාල වශයෙන් කපා දමමින් සිටියි. මේ සඳහා ඔවුන් ඒ අවට පදිංචි ගැමියන්ගේ ද සහාය ලබාගන්නා බවට අප වෙත තොරතුරු වාර්තා වී ඇත.

විශේෂයෙන්ම 90 දශකයේ එල්ටීටීඊ ය විසින් තෙරුකන්ඩිකුලම් ප්‍රදේශයේ අක්කර සිය ගණනක් පුරා වවන ලද තේක්ක කැලෑව මේ වන විට හරි අඩක්ම එළි කර ඇති බව අප වෙත වාර්තා වේ. මාන්කුලම්-ඔඞ්ඩුසුඩාන් මාර්ගයේද, කේප්පප්පුලව් ප්‍රදේශයේද පිහිටා තිබෙන දැවැන්ත තේක්ක වගාවන්ට අත් වෙමින් යන්නේ ද එම ඉරණමම ය. ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයාගත් නන්දිකඩාල් කලපුවේ අනෙක් පස පිහිටා තිබෙන අති දැවැන්ත තේක්ක වනයේ විශාලත්වය අක්කර සියයකට අධික ය. මෙකී සියලුම ප්‍රදේශ අද වන විට දැඩි වශයෙන් මිලිටරීකරණය වී ඇති, හමුදා කඳවුරු ගණනාවක් පිහිටා තිබෙන ප්‍රදේශ වේ.

මෙයට අමතරව කජු සහ අඹ වගාවන් ද එල්ටීටීඊ ය මහත් උවමනාවෙන් සිදුකළ වන වගාවන් විය. ඒ 32 මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන වසර 15 ක් පමණ පැරණි, අක්කර ගණනක් පුරා පැතිරී ඇති සරුසාර කජු වගාව එයට නිදසුනකි.

එල්ටීටීඊ පාලන ප්‍රදේශවල මෙම තේක්ක කැළෑ වවනු ලැබුවේ එම සංවිධානයේ වන සම්පත් සංරක්ෂණ අංශය විසිනි. කජු සහ අඹ කැලෑ සිටවීම ඔවුන් විසින් සිදුකරනු ලැබුවේ ඉතාම සංවිධානාත්මක ලෙසය. මෙකල දකුණෙන් එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට එන ආහාර සැපයුම් සම්පූර්ණයෙන්ම පාහේ නතර කර තිබූ හෙයින් සිය පළාත ස්වයංපෝෂිත කර ගැනීම සඳහා ඔවුන් තුළ බලවත් අවශ්‍යතාවක් විය. තවද පෙරමුණේ යුද වැදී සිටින එල්ටීටීඊ සොල්දාදුවන්ට පළතුරු සැපයීම මෙම වන රෝපණ ව්‍යාපෘතියේ තවත් එක් වැදගත් අරමුණක් විය.

මෙම වනාන්තරවල ගස් කැපීම එල්ටීටීඊ ය විසින් සම්පූර්ණයෙන් තහනම් කර තිබූ අතර පැය විසිහතරම ක්‍රියාත්මක වන පරිදි කැලෑ ආරක්ෂක සේවයක් ද ක්‍රියාත්මක විය. යම්කිසි ගම්වැසියෙක් ගස් කපා හසුවුවහොත් දඬුවම් කරනු ලැබීය. විශේෂයෙන්ම තේක්ක පැළ විනාශ කර හසුවුවහොත් පසුදින උදෑසන සිට සවස් වන තෙක් වනයේ වැටී තිබෙන වියළි කොළ අහුලා ඒවා පොහොරවලට ගැනීම සඳහා එක් තැනකට රැස්කිරීම වැනි දඬුවම් පනවා ඇත.

පසුගිය වසරේ වාර්තා වූයේ මුලතිව් හි පිහිටා තිබෙන අති දැවැන්ත තේක්ක වනයක් දකුණේ දේශපාලකයෙකු විසින් මහා පරිමාණයෙන් කපා විකුණමින් සිටින බවයි. කෙසේ නමුත් අලුත්ම ප්‍රවෘත්තිවලට අනුව උතුරු නැගෙනහිර ස්ථානගත කරසිටින දැවැන්ත හමුදා බලකාය මේ වන විනාශයට අලුත් මුහුණුවරක් ලබාදෙමින් එය තමන්ගේ පුද්ගලික ආදායම් මාර්ගයක් බවට පත්කර ගනිමින් සිටියි. මෙම තේක්ක කඳන් පැටවීම සඳහා හමුදාව සතු බර වාහන යොදවා ඇති අන්දම ද අපගේ නිරීක්ෂණයට හසුවිය.

අප මේ පිළිබඳ කළ විමසීමකදී යාපනය දිස්ත්‍රික්කයේ ගම්වැසියන් පිරිසක් කියා සිටියේ ''සිංහල ආණ්ඩුවයි හමුදාවයි කැලෑ කපද්දි එල්ටීටීඊ ය කැළෑ වැව්වා.'' යනුවෙනි.

පරිසරයට පණ සේ ආදරය කරන මහා ගැමියෙකු ලෙස ජනපති සිරිසේන මේ තත්වය නොදනීද?

-    යාපනයේ සිට විශේෂ වාර්තාකරුවෙකු විසිනි. (LNW)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ LTTEය වැවූ තේක්ක කැළෑ හමුදාව බලෙන් කපනවා?
උතුරේ LTTEය වැවූ තේක්ක කැළෑ හමුදාව බලෙන් කපනවා?
http://ift.tt/2pKvDCD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/ltte.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/ltte.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy