මෙසේ හෙයින් එකී ගොඩනැගිල්ල සහ ඉඩම සැබෑ ලෙසම අයත් විය යුත්තේ දොමේපෙ ප්‍රාදේශීය සභාවට බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති. හිමිකරුවෙකු නැති මෙම...
මෙසේ හෙයින් එකී ගොඩනැගිල්ල සහ ඉඩම සැබෑ ලෙසම අයත් විය යුත්තේ දොමේපෙ ප්‍රාදේශීය සභාවට බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති. හිමිකරුවෙකු නැති මෙම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද එය පසුව නවතා දැමූයේ මෙම නීතිමය තත්වය නිසා බව පැවසේ.
බැසිල්ට අයත් මෙම මල්වාන මාලිගාවේ ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේ, තමන් 'නූතන ජෙෆ්රි බාවා' යැයි ඔහු විසින්ම හඳුන්වා ගන්නා ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි ය. නූතන ජෙෆ්රි බාවාට, එවක තිබූ රෙජීමය මගින් පූර්ව අවසරයකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ විශ්වකර්ම බලය හිමිව තිබිණි.
මෙම මල්වාන මාලිගාව තමාගේ යැයි පවසමින් ඒ සඳහා දේශීය ආදායම් කොමාරිස් වෙත බදු මුදල් පවා ගෙවා ඇති මුදිත ජයකොඩි පසුව එය එසේ ප්‍රකාශ කළේ අත්වැරැද්දකින් බව කියා සිට, ඔහු විසින් ගෙවන ලද බදු මුදල් නැවතත් තමන්ට ලබාදෙන්නැයි ආයාචනා කර සිටියේය.
මෙය පැහැදිලි ලෙසම නීතිය විහිලුවට ලක්කිරීමකි.
ඊටත් වඩා හොඳම විහිලුව වන්නේ මුල්‍ය අපරාධ කොට්ඨාශයේ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව විසින් මුදිත ජයකොඩි හෙවත් නූතන ජෙෆ්රි බාවාව බැසිල්ට සහ තිරු නඩේසන්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු කිරීමයි.
මේ පිළිබඳව අදහස් දක්වන නීති විශාරදයන් සඳහන් කර සිටින්නේ බැසිල්ට සහ තිරුට නඩුව පහසුවෙන් දිනාගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවයි. අවසානයේ සිදුවන්නේ බැසිල් ජනතා වීරයෙකු වීම (Zero to Hero) බවයි. බැසිල්ගේ කලු සල්ලි සුදු කිරීමටත් එහා (Whiter than White) ක්‍රියාවලියකට මෙමගින් අවකාශ සලසා ගන්නා බව නීතිඥ මතයයි.
මෙම නඩුවේ විත්තිකරුවන් සඳහා අධි චෝදනා භාරදීම ලබන මැයි මස 03 වන දින කොළඹ මහාධිකරණයේදී සිදුකිරීමට නියමිතය.
සබැඳි පුවත්
COMMENTS