වැව් සහ කුඩා වැව් රැසක ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළ බසිමින් තිබීම නිසාවෙන් ජනතාවගේ දිය නෑම් කටයුතු සදහාද අවශ්‍ය ජලය සොයා ගැනීමට නොහැකිව ඔවුන් ...
වැව් සහ කුඩා වැව් රැසක ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළ බසිමින් තිබීම නිසාවෙන් ජනතාවගේ දිය නෑම් කටයුතු සදහාද අවශ්‍ය ජලය සොයා ගැනීමට නොහැකිව ඔවුන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව කියති.
දැඩි රස්නයෙන් බේරීම සඳහා සීත අධික ආහාරයක් වන තල් ලොන්ගු ආහාරයට ගැනීමට ජනතාව පුරුදුව ඇත.
ඒ අනුව මේ දිනවල පුත්තලම කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක විශාල වශයෙන් තල් ලොන්ගු අලෙවිය ඉතාමත් ජනප්‍රිය වී ඇත. දිනකට තල් ලොන්ගු 1000ක් 1500ක් අතර අලෙවි වන බවයි අලෙවි කරුවන් පවසන්නේ.
අදාල තල් ලොන්ගු තුල ඇති ලොද (මදය) ආහාරයට ගැනීමෙන් ශරීර උෂ්ණත්වය සීඝ්‍රයෙන් පහත බසින බව කියති. පුත්තලම පුරා ඵල දරමින් තිබෙන තල් මෙලෙස රැගෙනවිත් අලෙවි කෙරේ.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රියතම ආහාරයක් බවට මෙම තල් ලොන්ගු පත්ව ඇති අතර, පුත්තලමට පැමිණෙන විදේශිය සංචාරකයින් බහුතරයක් මෙම තල් ලොන්ගු ආහාරයට ගැනීම සුලබව දසුනක් වී තිබේ.
පුත්තලම - කේ.ප්‍රියංකර
COMMENTS