දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රණවිරුවෝ, දේශප්‍රේ මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලවේ ආර්ම්භය ලෙස සනිටුහන් වන්නේ 1950 වර්ශය ය. එය 1956 දී රාජ්‍ය සංස්ථාවක් බවට පත් කෙරිණි. 1990 වර්ෂය වන විට...

රණවිරුවෝ, දේශප්‍රේ මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලවේ ආර්ම්භය ලෙස සනිටුහන් වන්නේ 1950 වර්ශය ය. එය 1956 දී රාජ්‍ය සංස්ථාවක් බවට පත් කෙරිණි. 1990 වර්ෂය වන විට ලංකා සිමෙන්ති සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට ප්‍රකාශ කර එය ලංකා සිමෙන්ති සමාගම බවට පත් කෙරිණි. කෙසේ වෙතත් මිනිසුන් දහස් ගණනකට රැකියා සැපයූ මෙම කර්මාන්තශාලාව වසා දැමෙන්නේ 1991 වසරේ පමණය. ඒ, යුද්ධය හේතුවෙනි.

කම්හල එල්ටීටීඊය යටතට

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් භූමි ප්‍රමාණය අක්කර 700කට අධිකය. ඉන් අක්කර 187ක ප්‍රමාණයක් පුරා කර්මාන්තශාලාවට අයත් ගොඩනැඟිලි ඉදිකර තිබිණි. 1990 දශකයේ මුල් භාගය තුළ දී මෙම කම්හල අයත් සම්පූර්ණ භූමිය ඇතුළු ආශ්‍රිත ප්‍රදේශය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අත්පත් කරගනු ලැබිණි. එහෙත් දිගින් දිගට ම ඇවිළුණු යුධ මෙහෙයුම් තුළදී වසර කිහිපයක ඇවෑමෙන් මෙම ප්‍රදේශය නැවතත් හමුදාව විසින් අත්පත් කරගන්නා ලදී. එතැන් පටන් දිගට ම කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට අයත් භූමිය පැවතුණේ හමුදා පාලනය යටතේය.

වසර 100ක වගකීම ඇති යන්ත්‍ර

යුද්ධය අවසානයෙන් අනතුරුව 2011 වසරේදී කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව යළි ඇරඹීමේ සාකච්චාවක් මතුවිය. ඒ අනුව ලංකා සිමෙන්ති සමාගමේ නියෝජිත පිරිසක් අදාල කම්හල් භීමියට යන්නේ එහි තත්වය පිරික්සා බැලීම සඳහාය. වාර්තා වන අන්දමට කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි 1990 වසරේ සවිකළ යන්ත්‍ර සඳහා වසර 100ක වගකීමක් ඒවා නිශ්පාදනය කළ සමාගම විසින් ලබා දී ඇත. එනම් එම යන්ත්‍ර වසර 2090 දක්වා ම වගකීමක් සහිතව භාවිතා කිරීමට තිබුණු ජාතික සම්පත්ය. එසේම ඒවායේ අනර්ඝත්වය කෙබඳු වීද යත් එකී වගකීම යටතේ සඳහන්ව තිබී ඇත්තේ එම යන්ත්‍ර සූත්‍රවල ඇණයක් හෝ වසර 25ක් යනතුරු මාරු කිරීමේ අවශ්‍යතාවක් පැණ නොනඟින බවටය. ඉතින් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව යනු කෙතෙක් වටිනා ජාතික සම්පතක්ද යනුවෙන් පුන පුනා කීමට අවැසි නැත.

ප්‍රභාකරනුත් නොකළ දේ

2011 වසරේ එම පරිශ්‍රය පිරික්සීම සඳහා ගිය පිරිසට දක්නට ලැබී ඇත්තේ ක්‍රියාවිරහිත කර දශක දෙකකට පසුවද එම යන්ත්‍ර සූත්‍ර යළි නිශ්පාදන ආරම්භ කළ හැකි තත්වයේ පවතින අයුරුය. පෙරෙකී පරිදි වගකීම් සහතික ලත් ජර්මානු තාක්ෂණයෙන් නිපදවූ යන්ත්‍ර එතෙක් ආරක්ෂා වී තිබිණි. වඩාත් පැහැදිව කියන්නේ නම් ඊළාම් රාජ්‍ය සඳහා යුධ වැදුණු එල්ටීටීඊ සංවිධානය විසින් ද එකී අනර්ඝ සම්පත හුදු මුදල් අවශ්‍යතාවන් වෙනුවෙන් විනාශ නොකර තම ජනතාවගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් ආරක්ෂා කර තිබිණි. ඔවුන්ට අවැසි නම් මේවා යකඩ ලෙස පාවිච්චි කිරීමට තිබුණු මුත් බිහිසුණු යුද්ධයක නිරත වෙමින් දැඩි මූල්‍ය අවශ්‍යතාවන්ගෙන් පෙළෙද්දී පවා ඔවුන් එසේ නොකර එම සම්පත අනාගතය වෙනුවෙන් රැකගෙන තිබිණි. එසේම ඉන්පසුව එම පරිශ්‍රය අත්පත් කරගත් හමුදා සෙබළුන් විසින් ද එය මනාව රැකගෙන තිබිණි. රටේ අනාගතය වෙනුවෙන් ඔවුන් එය සුරක්ෂිතව තබාගෙන තිබිණි.

යකඩ කාපු 'රණ විරුවෝ' - ඒකත් පස් ගුණයක් මාටියා

එහෙත් ප්‍රභාකරන්ගෙන් රට ජාතිය බේරාගත් බවට පම්පෝරි කියමින් එහි වන්දිය තම පවුල වෙත ඉල්ලා භීෂණය වැපිරූ දූෂිත රාජපක්ෂ පාලන සමයේ එයින් මතුවට කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි ඇරඹීම පිළිබඳව කතාවක් නොවුණි. 2014 වසරේදී එවකට උතුරු ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහගේ මූලිකත්වයෙන් නිකුත් කෙරුණු ටෙන්ඩර් දැන්වීමක කියවී තිබුණේ හමුදාව සතු අබලි යකඩ මෙට්‍රික් ටොන් 4,500ක් විකිණීමට මිල ගණන් කැඳවා ඇති බවය. ඊට අදාලව ඒ සඳහා උනන්දුව දක්වන පාර්ශ්ව අදාල 'අබලි යකඩ' දැක ගැනීමට හමුදා ප්‍රදේශයට ගිය විට ඔවුන්ට දැකගත හැකි වී තිබුණේ ශ්‍රී ලාංකේය ජාතිය සතු මහා සම්පතක් වූ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි යන්ත්‍ර හමුදාව විසින් කැබලි කැබලි වලට කපා කන්ටේනර් වලට පටවන අන්දමය. එසේම එහි වැඩි දුරටත් සඳහන් වූයේ ටෙන්ඩර් දැන්වීමෙහි මෙට්‍රික් ටොන් 4,500ක් ලෙස කියැවුණ ද එහි අවම වශයෙන් මෙට්‍රික් ටොන් 20,000ක් වත් යකඩ තිබෙන්නට ඇති බවය. මේ දේශය බේරාගත් 'රණවිරුවන්' හා 'දේශය බේරාගත් අප්පොච්චි ඇතුළු පවුල' රටට කෙළ වූ අයුරුය. පරණ යකඩ ම කීවත් එයිනුත් පස් ගුණයක් මාටියා ගැසූ අයුරුය. මාටින් රාජපක්ෂ යළි සිහි කෙරූ අයුරුය.

'අපි රාජ්‍ය දේපළ විකුණ්ණෙ නෑ අපෙ හාංදුරුවනෙ'

මෙසේ යළි භාවිතා කළ හැකි මට්ටමේ තිබුණු කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යන්ත්‍ර සූත්‍ර රාජපක්ෂ දූෂිත පාලනය විසින් අබලි යකඩ ලෙස විකුණා දැමීමෙන් අනතුව වංචාව වසා ගැනීම සඳහා ඉන් රුපියල් මිලියන 75ක් යුධ හමුදා සුබසාධන අරමුදලට බැර කර තිබිණි. යකඩ ලෙස විකුණුවද මෙට්‍රික් ටොන් 20,000ක් අවම වශයෙන් තිබිය යුතු වැඩ කළ හැකි යන්ත්‍ර අබලි යකඩ ලෙස මෙට්‍රික් ටොන් 4500ක් වශයෙන් පෙන්වා විකුණූ 'රණ වික්‍රමය' නිම වී ඇත්තේ එසේය. දහස් ගණනින් රැකියා අවස්ථා නිපදවිය හැකිව තිබුණු, බිලියන ගණනින් රටට ආදායම් ලබා දිය හැකිව තිබුණු සකල ශ්‍රී ලාංකිකයින්ට ම අයත් සම්පතක් යුධ හමුදා සුබ සාධනය පෙන්වා ගෝටාබය රාජපක්ෂ ඇතුළු පවුල් පාලක කල්ලිය විසින් තමුන්ගේ පතට බෙදාගෙන තිබුණේ එසේය. හමුදා සුබ සාධනයට මිලියන 75ක් බැර කරන විට රාජපක්ෂලා තම තමුන්ගේ ගිණුම් වලට බැර කරගන්නට ඇති මුදල මිලියන 750ක් වත් විය යුතුය.

පිම්පියන්ගෙන් ප්‍රවේශම් වන්න
තවත් පරම්පරා ගණනක් උදෙසා භාවිතයට ගත හැකිව තිබූ ජාතික සම්පතක් හුදෙක් තම උද්ද්ච්ඡ පවුලේ සුඛ විහරණය වෙනුවෙන් 'පරණ යකඩ' වලට විකුණා දමා දේශප්‍රේමය ගැනත් රට රැකීම ගැනත් කයිවාරු ගසනා නිඝන්ඨයෙක් ගැන සිතන්න. ප්‍රභාකරන්වත් විනාශ නොකළ කෝටි ගණනක් වටිනා සම්පතක් පරණ යකඩ වලට විකුණා තම මඩිය තර කරගත් 'රඛවිරුවකු' ගැන සිතන්න. දැන් එකී 'රණවිරුවන්' සහ දේශප්‍රේමය විකුණා යළි බලයට ඒමට වළි කන හිටපු ජනාධිපති, අද පාර්ලිමේන්තු මන්ත්‍රී බල පෙරේතයකු ගැන සිතන්න. රටක ජනතාවකට රැකියා දහස් ගණනින් බිහිකළ හැකිව තිබූ, පෙර කාලයේ ආසියාවේ විශාලතම සිමෙන්ති කම්හල ලෙස හැඳින්වූ, තවත් වසර 100ක් සඳහා හුණු නිධි අත ළඟම තිබෙනා සිමෙන්ති කම්හලක් පරණ යකඩ වලට විකුණූවෙක් එදා කුඩු වේලට තම බිරිය විකුණූ පිම්පියෙකුටවත් සමකළ හැකිදැයි සිතන්න. ජාතියේ ආඩම්බරකාර තාත්තා ලෙස වරක් තමුන් විසින් ම හඳුන්වා ගත්තේ එවන් වූ පිම්පි පවුලක බලයෙන් ලොක්කාය.

දේශප්‍රේමයේ සීතාම්බර සළු දවටාගෙන එන එවන් පිම්පියන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔබේ දරුවාගේ අනාගතය 'පරණ යකඩ වලට' විකිණීමට යළි ඉඩ නොතබන්න !

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රණවිරුවෝ, දේශප්‍රේ මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !
රණවිරුවෝ, දේශප්‍රේ මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !
http://ift.tt/2nwiI7d
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_152.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_152.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy