මෙම ක්‍ෂේත්‍රය තුළ ලාංකික සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම අරමුණ කරගනිමින් සංචාරක ක්‍ෂේත්‍රය තුළ සිටින සේවා සම්පාදකයින් සහ ක්‍ෂේත්‍රයේ නියාමකය...
මෙම ක්‍ෂේත්‍රය තුළ ලාංකික සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම අරමුණ කරගනිමින් සංචාරක ක්‍ෂේත්‍රය තුළ සිටින සේවා සම්පාදකයින් සහ ක්‍ෂේත්‍රයේ නියාමකයින් සමඟ සාකච්ඡාවක් පසුගිය 19 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබුනි. මෙහි මූලික පරමාර්ථය වී තිබුනේ ශ්‍රී ලංකාව තුළ වික්‍රමාන්විත සංචාරක සේවා ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කරවීමයි.
සංචාරකයින් ඉලක්ක කරගත් මෙවැනි වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සදහා ජාත්‍යයන්තර වශයෙන් පිළිගත් තත්ත්වයන්ට සමාන වන ලෙස ශ්‍රී ලංකාව තුළ ද එම ක්‍ෂේත්‍රය වැඩිදියුණු විය යුතුය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මේ සදහා දැනටමත් කටයුතු කරන අතර මෙම ක්‍රියාවලිය සදහා දායකවන සිය`ඵම සේවා සම්පාදකයින් ගේ ප්‍රමිති ප්‍රවර්ධනය සදහා ද ඔවුන් මැදිහත් වීමට එකඟ විය.
මෙම කාර්යය සක්‍රියව සහ සංවිධානාත්මකව ක්‍රියාත්මක කරවීම සදහා තීරණ රැසක් එහි දී ගන්නා ලදී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වෙබ් අඩවියක් ස්ථාපනය කර ඒ හරහා ශ්‍රී ලංකාව තුළ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සදහා සේවා සපයන ස්ථාන සහ එම ස්ථාන මගින් සපයන සේවාවන් පිළිබදව තොරතුරු ඉදිරිපත් කරනු ඇත. ශ්‍රී ලංකා නාවුක හමුදාව මගින් සිය`ඵම ජලාශ ආශිත වික්‍රමාන්විත සේවා සපයන ආයතන සම්බන්ධීකරණය කරමින් එහි වර්තමාන තත්වය පිළිබඳව සොයා බැලීමටත් එයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය මගින් ගුවනේ සහ ගොඩබිමේ සිදුකරන වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සදහා සේවා සපයන ආයතන සම්බන්ධීකරණය කිරීමටත් සැළසුම් කරන ලදී. හදිසි සන්නිවේදන කටයුතු සහ ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු ආදිය සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම මගින් සිය`ඵම දුරකථන සේවා සම්පාදකයින් සහ හදිසි ප්‍රතිචාර ඒකකයන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදුකරන අතර එවැනි හදිසි අවස්ථා සදහා ඇමතුම් ලබා දිය හැකි පොදු දුරකථන අංකයක් ද හදුන්වා දීමට නියමිතය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් වෘත්තිය පුහුණු ප්‍රවර්ධන කමිටුව සමඟ එක්ව වික්‍රමාන්විත ක්‍රියාකරකම් පුහුණුකරුවන් ජාතික වෘත්තිය සුදුසුකමට NVQ අනුව ප්‍රමිතිගතව පුහුණු කරනු ලැබේ. ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලය මෙවැනි වික්‍රමාන්විත සංචාරක සේවා සපයන ආයතන සහ සහභාගිවන්නන්ගේ රක්‍ෂණ පහසුකම් සදහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කටයුතු සිදුකරනු ඇත.
මෙම සාකච්ඡාවේ දී සිය`ඵ දෙනාම ඒකමතිකව පිළිගනු ලැබූයේ වික්‍රමාන්විත සංචාරක සේවා සහ පුහුණු කටයුතු ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ එම ක්‍ෂේත්‍රයේ සේවා සම්පාදකයින් විසින් ඉහළ පුහුණුවක් සහ ආරක්‍ෂිත උසස් ප්‍රමිතීන්ගෙන් යුතුව ඒ සදහා ඉක්මනින් සූදානම් විය යුතු බවයි. එය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ ඉහල ආකර්ශනයකට හේතුවන අතර ජාතික ආර්ථිකය නගා සිටුවන ප්‍රධාන සංවර්ධන උපක්‍රමයක් බවට ද පත්වනු නොඅනුමානය.
COMMENTS