ඔහු නමින් කරීම් චෙරිරුෆ් නමැති මුස්ලිම් ජාතිකයෙකි. එසේම මීට පෙර අවස්ථා හතරකදී අධිකරණයෙන් අපරාධකරුවෙකු ලෙසට සනාථ කර ඇති තැනැත්තෙකි. එම ප්‍ර...
ඔහු නමින් කරීම් චෙරිරුෆ් නමැති මුස්ලිම් ජාතිකයෙකි. එසේම මීට පෙර අවස්ථා හතරකදී අධිකරණයෙන් අපරාධකරුවෙකු ලෙසට සනාථ කර ඇති තැනැත්තෙකි. එම ප්‍රහාරකයා ද චෑම්ප් එලිසිස් හෙවත් එලිසි මාලිගයේ ආරක්ෂක රාජකාරිවල යෙදී සිටි පොලිස් භටයන්ගේ වෙඩිප්‍රහාරයෙන් මරණයට පත්විය.
ඔහුගේ සිරුර අසල තිබී ඉස්ලාමීය රාජ්‍ය භටයන්ගේ හෙවත් අයිසිස් සංවිධානයට අයත් සටහනක් ද සොයාගැනිණි. ප්‍රහාරය පිළිබඳ වාර්තා වී සුලු මොහොතකින් අයිසිස් සංවිධානය එහි වගකීම ද භාරගත්තේය.
ප්‍රංශ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන ඉරිදා දිනයේ ය. එනම් හෙට දිනයේ ය. එසේම ප්‍රහාරය එල්ල වූ සිකුරාදා දිනය, ප්‍රංශ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් දිනය විය. මේ අනුව පැහැදිලිවම මෙම ත්‍රස්ත ප්‍රහාරය ප්‍රංශයේ අනාරක්ෂිත බව පිළිබඳ පැහැදිලි සලකුණක් වශයෙන් ද විචාරකයෝ පෙන්වා දෙති.
COMMENTS