හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සිදුවන අලි-මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන වන අලි සංහාරය ඇතුළු පාරිසරික ගැටලු පිළිබඳ මාධ්‍ය වාර්තා සිදුකරන රාහු...
හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සිදුවන අලි-මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන වන අලි සංහාරය ඇතුළු පාරිසරික ගැටලු පිළිබඳ මාධ්‍ය වාර්තා සිදුකරන රාහුල් මාධ්‍යවේදියෙකුට එහා ගොස් පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පරිසර හිතකාමියෙකි.
ඔහු විසින් පසුගිය කාලසීමාව පුරා හම්බන්තොට අලි-මිනිස් ගැටුම හරහා සිදුවන අලි සංහාරය පිළිබඳව පළකළ පුවත් හේතුවෙන් ජපානයේ ජාතික රූපවාහිනී නාලිකාව වන TV Asahi නාලිකාවේ ප්‍රධානීන් මෙරටට පැමිණ ඔහ හමුවී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ සඳහා එම නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක කොජි කජිකාවා මහතා ඇතුළු පිරිසක් මෙරටට පැමිණ තිබේ.
අදාල සම්මුඛ සාකච්ඡාවේදී හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සිදුවන වන අලි සංහාරය සම්බන්ධයෙන් හා රාජ්‍ය මට්ටමින් හා පෞද්ගලික මට්ටමින් සිදුකරන වන විනාශය සම්බන්ධයෙන් කොජි කජිකාවා මහතා ඇතුළු පිරිස දැනුවත් කර ඇත.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා ලංකා නිවුස් වෙබ් ඇතුළු දේශීය මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අතර BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක ද පුවත් සපයන්නෙකු ලෙස කටයුතු කරයි.
COMMENTS