දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය
Homeගොසිප්

ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය

PropellerAds

ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා විශිෂ්ට ක්‍රී...

රාජපක්ෂ පුත්තු අපිට පැටලිලා : 'රූ දවසේ පත්තර' වරද පෙන්නලා!
බස්රථවල ආසන වෙන් කරන අලුත් ක්‍රමයක්!
මෙරට සංචාරක කර්මාන්තය විදේශිකයන් අතට?

ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා
පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය


ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා විශිෂ්ට ක්‍රීඩක  තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව උසාවියක් මගින් වරෙන්තු නිකුත් කිරීමක් පිළිබඳ පුවතක් ඊයේ වාර්තා විය. එයට හේතුවූයේ ඔහුගේ මුල් විවාහයේ 14 හැවිරිදි පුතු වෙනුවෙන් නඩත්තු ගෙවීම පැහැරහැරීමක් නිසාය. දැනට රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිය පුතු වෙනුවෙන් උසාවි තීන්දුවක් ප්‍රකාරව මාස් පතා රුපියල් 40000 ක මුදලක් ඩිල්ෂාන් ගෙවිය යුතු වුවත් ඔහු එය පසුගිය මාස කිහිපයේම පැහැර හැර ඇති බව
පුතු වෙනුවෙන් කරුණු දැක්වූ
ඩිල්ෂාන්ගේ හිටපු බිරිය නිලංකා විතානගේ පැමිණිලි කර තිබුණි.
අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන ඩිල්ෂාන්ගේ ගේදොර ඉඩකඩම්වල වත්කම රුපියල් ලක්ෂ 2500 ක් බවත් ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 120 ක් බවත් ඔහුට ශ‍්‍රීලංකා ක‍්‍රිකට් මගින් වසරකට රුපියල් ලක්ෂ 1260 ක් පමණ ලැබෙන බවත් 2008-12 කාලයේ අයිපීඑල් කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර රුපියල් ලක්ෂ 3000 ක ආදායමක් ලබා ඇති බවත් ආදී වශයෙන් වත්කම් දත්ත පෙන්වා මින් වසර කිහිපයකට පෙර මෙම නඩත්තු ගෙවීම පිළිබඳ අධිකරණ තීන්දුව ලබාදී තිබුණි.
ඩිල්ෂාන් ඉන් පසු විවාහ වූ ටෙලි නාට්‍ය නිළි මංජුලා තිලිණිට ඩිල්ෂාන්ට දාව දරුවන් තිදෙනෙකුද සිටින අතර පසුගිය කාලයේ ඩිල්ෂාන් විවිධ සමාජ සත්කාර කරමින් මහජන අවධානයට පත්වූවාසේම ඔහු ලක්ෂ ගණනින් අසරණ අයට මුදල් නිවාස පරිත්‍යාග කරමින් සිදු කළ කටයුතුද ප්‍රශංසාවන්ටද බඳුන් විය.
ඒ අනුව ඩිල්ෂාන් ලෝකයට පේන්න කරන පරිත්‍යාග සහ තම මුල් දරුවාට දක්වන උනන්දුව පිළිබඳ පරස්පරතාවක්ද පෙනී යයි.
නඩත්තු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් 24 වනදා වරෙන්තු නිකුත් කළ අතර පසුව ඊයේ (25) තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවා තිබේ. තම නීතීඥයින්ට දිනය හරිහැටි සටහන් කරගන්නට බැරිවීම නිසා නඩුවට එන්නට බැරිවූ බව ඩිල්ෂාන් දන්වා තිබේ.නඩුව යළි මැයි 31 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
රාජකීය විද්‍යාලයේ ඉගෙනුවම ලබන ඩිල්ෂාන්ගේ මේ කියන පුත්‍රයා සීසීසී ක‍්‍රිකට් පාසල හරහා 2013 වයස 11න් පහළ ඉන්දියානු සංචාරයකටද සහභාගිවුණ අතර එහිදී තරගාවලියේ වීරයා බවට පත්වූයේ පිත්තෙන් හා පන්දුවෙන්ද දක්ෂතා දක්වමිනි.
ඔහු තරග 7 කදී ලකුණු 141 ක් ලබා තිබුණ අතර පන්දුවෙන් දක්ෂතා දක්වා තිබුනේ 25-0-38-5 ලෙසිනි. ඔහු පියා අඩිපාරේ යන අනාගත ක්‍රිකට්  දක්ෂතා ඇති අයෙකු බවද වාර්තා විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය
ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය
http://ift.tt/2p2Fv9E
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_362.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_362.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy