දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි - ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ. පාර්ලිමේන්තු පාරේ රාජග...


මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ.

පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්‍රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව පසුගිය මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී ඇතැයි රජය පෙන්වා දෙයි.

වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි 'බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය' තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම:

ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

* සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම;

* බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම;

* ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම;

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි - ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.
බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි - ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.
http://ift.tt/2oKi95h
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_332.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_332.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy