දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඉන්දියාවේදී කිලෝ ග්‍රෑම් 250 ක් බර අඩුකරගත් ඊජිප්තු කාන්තාව.

ලෝකයේ බර අධිකම කාන්තාව ලෙස සැලකෙන ඊජිප්තු ජාතික කාන්තාවකගේ බර කිලෝ ග්‍රෑම් 250 කින් අඩුකිරීමට සමත් වූ බව ඇයට ප්‍රතිකාර කරන ඉන්දීය රෝහලක බලධ...


ලෝකයේ බර අධිකම කාන්තාව ලෙස සැලකෙන ඊජිප්තු ජාතික කාන්තාවකගේ බර කිලෝ ග්‍රෑම් 250 කින් අඩුකිරීමට සමත් වූ බව ඇයට ප්‍රතිකාර කරන ඉන්දීය රෝහලක බලධාරීහු පවසති.

එමාන් අබ්ද් අල් අතී (Eman Abd El Aty) මුලින් කිලෝග්‍රෑම් 500 ක් බරැති වූ බව සඳහන් කරන ඇයගේ පවුලේ සාමාජිකයෝ, ඒ හේතුවෙන් විසි පස් වසරක් මුළුල්ලේ ඇයට සිය නිවසින් පිටතට යාමට නොහැකි වූ බවත් පවසති.

එයට ප්‍රතිකාර ගැනීම පිණිස බටහිර ඉන්දීය මුම්බායි නගරයේ සයිෆී (Saifee) රෝහලට ඇතුලත් වූ ඇය එහිදී මෙයින් මාස දෙකකට පෙර සැත්කමකට භාජනය කරනු ලැබුවාය.

ඉන් අනතුරුව දැන් ඇයට රෝද පුටුවකට ගොඩවිය හැකි අතර, දීර්ඝ වේලාවක් නැගිට සිටිය හැකි බවත් වෛද්‍යවරු පවසති.

ඇයගේ බර අඩුකිරීමේ ශල්‍යකර්මය මෙහෙයවනු ලැබුවේ ශල්‍ය වෛද්‍ය මුෆසාල් ලක්දවාලා (Muffazal Lakdawala) විසිනි.

කිසිවකුගේ ආමාශයේ කොටසක් ඉවත්කරන 'බේරියටික්' (Bariatric) බර අඩුකිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලබන්නේ භායනක ලෙසින් අධික ස්ථුලභාවයෙන් පෙළෙන්නෙකුට ප්‍රතිකාර කිරීමේ අවසාන තුරුම්පුව ලෙසිනි.

ප්‍රතිකාරවලින් අනතුරුව රෝගියාගේ බර ඉතා වේගයෙන් අඩුවෙමින් පවතින නමුත්, ළමා වියේදී ආඝාතයට (stroke) ගොදුරුවීම හේතුවෙන් ඇයගේ ශරීරයේ එක් පැත්තක් තවමත් අඩපණව පවතින බව වෛද්‍ය ලක්දවාලා නිවේදනයක් නිකුත්කරමින් පවසයි.


එමෙන්ම ඇය කථාකිරීමේ සහ ආහාර ගිලීමේ අපහසුවෙන් පෙළෙන බවද නිවේදනයේ දැක්වේ.

එමාන් අබ්ද් අල් අතී ආඝාතයට ගොදුරු වූයේ මන්දැයි විමසා බැලීම පිණිස සීටී ස්කෑන් (CT scan) යන්ත්‍රයට ඇතුළු කිරීමට ප්‍රමාණවත් තරම් ඇයගේ බර අඩුවන් තුරු බලා සිටින බවද සයිෆී රෝහල සඳහන් කරයි.

උපතේදී කිලෝ ග්‍රෑම් පහක් පමණක් බර වූ ඇය, ඉන් අනතුරුව ආසාදනයක් හේතුවෙන් ශරීර කොටස් ඉදිමෙන රෝගයකට (elephantiasis) ගොදුරු වූ බව ඥාතීහු පවසති.

දැන් ඇයට ඇප උපස්ථාන කරනු ලබන්නේ ඇයගේ මව සහ සොහොයුරිය විසිනි.


මුම්බායේ දී කෙරුණු සැත්කමෙන් අනතුරුව කිලෝ ග්‍රෑම් 250 ක් බර අඩුවීම හේතුවෙන් ඇය තවදුරටත් ජීවතුන් අතර සිටින ලෝකයේ බර වැඩිම කාන්තාව නොවේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29578,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දියාවේදී කිලෝ ග්‍රෑම් 250 ක් බර අඩුකරගත් ඊජිප්තු කාන්තාව.
ඉන්දියාවේදී කිලෝ ග්‍රෑම් 250 ක් බර අඩුකරගත් ඊජිප්තු කාන්තාව.
http://ift.tt/2oYkIT9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/250.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/250.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy