දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලියට් එකක් ! - සුනන්ද දේශප්‍රිය

වීරසේකර පැමිණියේ අඬබෙර ගසාගෙනය. ශ්‍රී ලංකාවේ රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හඳුන්වන ලද්දේ රාජපක්ෂගේ සොල්දාදුවන් වැඩ පෙන්...

ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලියට් එකක් ! - සුනන්ද දේශප්‍රිය

වීරසේකර පැමිණියේ අඬබෙර ගසාගෙනය. ශ්‍රී ලංකාවේ රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හඳුන්වන ලද්දේ රාජපක්ෂගේ සොල්දාදුවන් වැඩ පෙන්වීමට ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණනෙන බවට හෑලි ලියමිනි. ජිනීවාහිදී අද්මිරාල් වීරසේකගේ බච්චා කොලුවා ලෙස හැසිරුණු දිවයින පුවත්පතෙහි යුද විශේෂඥ කීර්ති වර්ණකුළසූරිය ලියා තිබුණේ වීරසේකර පැමිණෙන්නේ සරවනමුත්තුට පිළිතුරු දීමට බවයි.

ඔහු රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බවද එම රාජපක්ෂවාදී ජනමාධ්‍යකරුවන් විසින්ම ප්‍රසිද්ධ කරන ලදී. මේ වාර්තා මගින් තවදුරටත් කියා තිබුණේ වීරසේකර පැමිණෙන්නේ මහ කොමාසාරිස් සෙයිඩ් හමුවී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක්ද පිළිගැන්වීමට බවයි.

වීරසේකරට ජිනීවා මානව හිමිකම් මණ්ඩළය වෙත පැමිණීමට අපට මෙන්ම අයිතියක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ලියාපදිංචි සංවිධානයක් නියෝජනය කරමින් සමාන්තර රැස්වීම් පැවැත්වීමටත් මානව හිමිකම් මණ්ඩලය ඇමැතීමටත් අයිතියක් තිබේ. එම අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිමු.

කාරණය එය නොවේ. ජිනීවා පැමිණි වීරසේකර දැන් රාජපක්ෂවාදීන්ගේ වීරයකු ලෙස පින්තාරු කර තිබීමයි. ඇත්ත වශයෙන්ම ඔහු වීර ක්‍රියාවක් කළේය. එනම් රාජපක්ෂවාදීන් විසින් මේ තාක් අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් ලෙස හදුන්වා දෙමින් තිබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවේ ‘රණවිරුවන්’ සුද්ද කර දෙන ලෙස ඉල්ලීමක් කිරීමයි.

එංගලන්තයේ පිහිටි අන්තර්ජාතික බෞද්ධ සංගමය නම් රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරමින් මානව හිමිකම් මණ්ඩලය ඇමැතූ වීරසේකර කියා සිටියේ මෙයයි: ශ්‍රී ලංකාවේ යුද හමුදාව යුද අපරාධ කර නැත. යුද අපරාධ කරන ලද්දේ එල්ටීටීඊය විසිනි. එබැවින් ශ්‍රී ලංකා හමුදාවන්ට දොස් සහිත චෝදනා එල්ල කරන මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ 2014 ශ්‍රී ලංකා වාර්තාව ක්‍රියාවට නැංවීම නතර කොට ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කළ යුතුය.

මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ක්‍රියාවට නැංවීමට ජිනීවා මානව හිමිකම් මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නැත. ඔහු ඉල්ලා සිටියේ නොකෙරෙන දෙයක් නතර කරන ලෙසය.

ඔහුගේ මත දැක්වීම හැරුනුවිට වීරසේකර මානව හිමිකම් මණ්ඩලයෙන් කළේ එකම ඉල්ලීමකි. එනම් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා වාර්තාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කළ යුතු බවයි. මෙම යෝජනාව අප සැලකිය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවක් ලෙසය. මන්ද යත් මේතාක් වීරසේකරගේ යෝජනාවට තමන් සම්බන්ධ නැතැයි රාජපක්ෂ කියා නැති නිසාය.

එම යෝජනාව සමඟ මම ද එකඟ වෙමි. මන්ද යත් එවැනි විශේෂ නියෝජිතයකු පත්කළ විට ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවට පැමිණ අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවශ්‍ය ගවේශන සිදු කර යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගත හැකි නිසාය.

තනි තනි රටවලට අදාළව පත් කරන ලද විශේෂ නියෝජිතයින් ගණනාවක්ම මෑත වසරයන්හි මානව හිමිකම් මණ්ඩළය විසින් පත් කරන ලදී. අප දන්නා මර්සුකි දරුස්මාන් කාම්බෝජය පිළිබඳ විශේෂ නියෝජිතයා විය. විශේෂ නියෝජිතයින් පත් කරන ලද එවැනි රටවල් කිහිපයක් නම් සෝමාලියාව, මියන්මාරය, සූඩානය, උතුරු කොරියාව, හයිටිය, එරිත්‍රියාව යනාදියයි.

මෙම රටවල නාමාවලිය දෙස බැලීමෙන්ම පෙනී යන්නේ මෙවැනි නියෝජිතයින් පත් කරනු ලබන්නේ ඉතා දරුණු මානව හිමිකම් කෙළෙසීම් වාර්තාවූ රටවලට බව පැහැදිළිය. දැන් ඒකාබද්ධ විපක්ෂ නියෝජිත වීරසේකරද ශ්‍රී ලංකාව ඇතුලත් කර ඇත්තේ එම රටවල් ගොන්නටය.

රාජපක්ෂවාදී පිරිස් අප වැනි අයට රාජද්‍රෝහී ලේබලය ඇලවීමට උත්සාහ කරන ලද්දේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙසත් යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කළ යුතු බවටත් මානව හිමිකම් මණ්ඩලය හමුවෙහි ප්‍රකාශ කරන ලද නිසාය. දැන් රාජපක්ෂ නියෝජිත වීරසේකර කර ඇත්තේ ඊට බොහෝ දුර දිග යන යෝජනාවකි. එනම් ශ්‍රී ලංකාවෙහි යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන අපරාධ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කරන ලෙසයි.

පරීක්ෂා කළ යුතු බවට වීරසේකර සඳහන් කරන මහ කොමාසාරිස්වරයාගේ ශ්‍රී ලංකා වාර්තාව දීර්ඝ සහ විස්තරාත්මක එකකි. එහි යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන අපරාධ සම්බන්ධ දීර්ඝ විස්තර සඳහන්ය. එක් උදාහරණයක් නම් සුදු කොඩි සිදුවීමයි. ඊට අදාළව එවකට ජනාධිපති වූ රාජපක්ෂ විසින් දෙන ලද පොරොන්දු සහ එවකට නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ රාජපක්ෂ නියෝජිතයා වූ පාලිත කොහොන යනාදීන් සම්බන්ධ සාක්ෂි ද තිබේ. පැහැදිලිව හඳුනාගත හැකි සොල්දාදුවකු විසින් ඝාතනය කරන ලද එල්ටීටීඊ සාමාජිකාවගේ මළ සිරුරෙහි තවමත් රශ්ණය ඇති බැවින් ඒ හා රමණය කරන ලෙස කෑ ගසන වීඩියෝවක් ද තිබේ. තවත් සිදුවීමක් නම් 2009 මැයි 19 වන දින කිලිනොච්චියේදී යුද හමුදාවට බාර කරන ලද එල්ටීටීඊ ප්‍රධානීන් පසුව අතුරුදහන්වීමයි. එම එල්ටීටීඊ නායක පිරිස යුද හමුදා අත්අඩංගුවේ සිටින බවට වාර්තාවක් පවා දිවයින පුවත්පතෙහි පළ කරන ලදී. එම අවස්ථාවෙහි සිය සැමියා එල්ටීටීඊයට බාරදුන් බවට සාක්ෂි දරන ස්ත්‍රීන් ගණනාවක්ම සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරනු පිණිස එම බස් රථයට නැගි ජෝෂප් නම් කතෝලික පියතුමාද අතුරුදහන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ඝාතන භූමිය යනුවෙන් චැනල් ෆෝ රූපවාහිනිය විසින් නිපදවන ලද වාර්තා චිත්‍රපටයෙහි එන සාක්ෂි ද තිබේ.

දැන් වීරසේකරගේ මෙම ඉල්ලීම මානව හිමිකම් මණ්ඩලය පිළිගන්නේ නම් මෙවැනි බොහෝ සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකාවටම පැමිණ පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකුට අවස්ථාව සැළසෙනු ඇත. මේ වනාහී ශ්‍රී ලංකාවෙහි සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා විවිධ මානව හිමිකම් සංවිධාන සහ ශ්‍රී ලංකික ඩයස්පෝරාව විසින් කළක් තිස්සේ කරගෙන එන උද්ඝෝෂණයට රාපපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයද එක්වීමකි.

මෙම යෝජනාව මගින් අද්මිරාල් වීරසේකර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ බලාධිකාරය පිළිගනී. ඔහුගේ ප්‍රකාශයෙහි කිසිදු තැනෙක මානව හිමිකම් මණ්ඩලය අධිරාජ්‍යවාදීන්ගේ අතකොලුවක් යැයි කියා නැත.

ඇත්ත වශයෙන්ම නම් ඔහුට ප්‍රකාශයන් දෙකක්ම කිරීමට අවස්ථාව ලැබුණි. නමුත් දෙවතාවෙහිදීම ඔහු විසින් කියවන ලද්දේ එකම ප්‍රකාශයයි. ඊට එහා දෙයක් කීමට ඔහුට අවශ්‍යතාවයක් නොවූ බව ඉන් පැහැදිළිය.

අදමිරාල්ගේ බච්චා කොලුවා ලෙස ජිනීවාහි හැසිරුණු කීර්ති වරණකුලසූරිය විසින් වීරසේකර මානව හිමිකම් මණ්ඩලය අමතන අවස්ථාවෙහිදී ජංගම දුරකථනයකින් ගන්නා ලද සියලු ජායාරූප එහි ආරක්ෂක නිලධාරීන් විසින් මකා දමන ලද්දේ දුරකථනය අත් අඩංගුවට ගැනීමෙන් පසුය. අප ගැන ලියන බච්චා කොලුවා ඒ ගැන නිහඬය.

මේ බච්චා කොලුවා සිය පුවත්පත මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍ය ජාතික ඩේව්ඩ් වේලිට චෝදනා කරමින් කියා තිබුණේ ඔහු බ්‍රිතාන්‍ය ඔත්තුකරුවකු බවයි. බච්චා කොලුවාගේ පැරණි ලිපිවලද වේලිට දිගටම පහර දී තිබුණි.

එසේ නමුත් අප බොහෝ දෙනෙකුට අවලාද නගමින් පසුගිය 29ද සිය පුවත්පතෙහි පළකරන ලද ලිපියක් මගින් මේ බච්චා ඩේවිට් වේලිට කිසිදු පහරක් ගසා තිබුණේ නැත. පුදුමයි නේද ?

ඊට හේතුව නම් සරත් වීරසේකර මෙරටින් ගෙන ගිය වාර්තා දෙක මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ අංශයට බාරදීමට අවස්ථාව සළසා දුන්නේ අර බ්‍රිතාන්‍ය ඔත්තුකරුවකු යැයි පහර දුන් ඩේවිඩ් වේලි විසින්ම වීමයි. එපමණක් නොව සරත් වීරසේකර සමඟ වේලි පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවටද බච්චා කොලුවා සහභාගි වී සිටියේය !

මේ ඊනියා ඔත්තුකරුවා නොසිටින්නට සරත් වීරස්කරට සිදුවන්නේ එම වාර්තා දෙක ජිනීවා විලෙහි ගිල්වා ඉන් වතුර උගුරක් බී ආපසු එන්නටය.

අද්මිරාල්තුමනි, ඔබේ යෝජනාවට මගේ සම්පූර්ණ සහාය. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ යුද සමයේ ඇත්ත හෙළි කර ගැනීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ගෙන්වා ගන්න. සත්‍ය යටපත් කළ නොහැක. එබැවින් ඔබේ යෝජනාවට ජයවේවා !

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29575,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලියට් එකක් ! - සුනන්ද දේශප්‍රිය
ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලියට් එකක් ! - සුනන්ද දේශප්‍රිය
http://ift.tt/2mVgiOZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_976.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_976.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy