අජිත් පැරකුම් ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් යාය පදනම මගින් සංවිධානය කරන නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2016 සම්බන්ධයෙන් දැනුවත් ක...
අජිත් පැරකුම් ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් යාය පදනම මගින් සංවිධානය කරන නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2016 සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මීට වසර දහයකට පමණ පෙර ආරම්භ වූ සිංහල බ්ලොග්කරණය මේ වනවිට තවත් ඉදිරි පියවරක් තබා ඇති බවත් ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල හරහා බ්ලොග්කරණයේ යෙදෙන විශාල පිරිසක් සිටින බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේදී මෙම සම්මාන උළෙල එම පුළුල් ක්ෂේත්‍රයම ආවරණය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=D175HiE-V5M[/youtube]
තෙවන වරටත් සංවිධානය වන නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මාර්තු 25 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම බ්ලොග්කරණයේ යෙදෙන්නන් සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට නියමිත අතර බ්ලොග් අවකාශය වෙනුවෙන් සිදුකළ මෙහෙය උදෙසා විශේෂ සම්මානයක් පිරිනැමීමට ද නියමිතය. මීට අමතරව සිංහල භාෂාවෙන් විවිධ අංශ 16 ක් යටතේ ද සම්මාන පිරිනැමීමට නියමිතය.
මාධ්‍ය හමුවට එක්වූ, කලාහිත බ්ලොග් අඩවියේ සංස්කාරක සුමිත් කලණසිරි මහතා සම්මානලාභී බ්ලොග් අඩවි තෝරාගැනීම සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කළ අතර නෙළුම් යාය පදනම වෙනුවෙන් රාධා කෝදාගොඩ මහත්මිය සහ ලංකා නිවුස් වෙබ් කර්තෘ කුමුදුනී විජයවර්ධන මහත්මිය ද මාධ්‍ය හමුවට එක්වූහ.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=63riTpV2H1k&t=16s[/youtube]
COMMENTS