දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔමෙක්ස්ට බැරි වුණා අපිව සල්ලිවලට ගන්න! - ආචාර්ය රූමි
Homeවිශේෂ පුවත්

ඔමෙක්ස්ට බැරි වුණා අපිව සල්ලිවලට ගන්න! - ආචාර්ය රූමි

PropellerAds

ආණ්ඩුව විපක්ෂයටත් විපක්ෂය ආණ්ඩුවටත් චෝදනා කර ගැනීම අද ඊයේ ඇති වූ සංසිද්ධියක් නොවන හෙයින් ඒ දේශපාලන අරගලය එසේ තිබියදී අපි රාජ්‍ය ඖෂධ නීතිග...

බොල්ෂෙවික් විප්ලවයෙන් සාර් රජ පවුලේ සමූල ඝාතනය බොරුවක් ?
උතුරේ ගිනි පොලී මර උගුලක් සියදිවි නසා ගැනීම් ඉහළට
ඇමරිකාවේ පොලිස්පති තනතුර පූජිතට !
ඔමෙක්ස්ට බැරි වුණා අපිව සල්ලිවලට ගන්න! - ආචාර්ය රූමි

ආණ්ඩුව විපක්ෂයටත් විපක්ෂය ආණ්ඩුවටත් චෝදනා කර ගැනීම අද ඊයේ ඇති වූ සංසිද්ධියක් නොවන හෙයින් ඒ දේශපාලන අරගලය එසේ තිබියදී අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි මහතා සමඟ මේ පිලිබඳ සාකච්ඡා කළෙමු.

මේ එම සාකච්ඡාව ඇසුරින් සකස් කළ ලිපියකි.

"අපි වැඩ කරන්නේ ඖෂධ එක්ක. ඖෂධ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත.ඩඅපිට බැහැ කවදාවත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න. අපිට වගකීමක් තියෙනවා.ඩඒ වගකීම ඉටුකරන්න නිත්‍යනුකූල ක්‍රමවේදයක් තියෙනවා. මම වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හැමදෙනාම වැඩ කරන්නේ ඒ මත හිඳිමින්."

මිලියන 124ක ලාභයක් !

"මම සංස්ථාවට එද්දී තිබුන තත්ත්වයේ නෙවෙයි දැන් තියෙන්නේ. අපි බොහොම කැපවීමෙන් වැඩ කරන්නේ. 2015 වසරේදී පෙර තිබුන තත්ත්වයට වඩා 60% ක වර්ධනයක් අත්පත් කරගන්න අපිට හැකි වුණා. 2016 ජූලි මාසයේ ඉඳලා දෙසැම්බර් මාසය වනවිට අපි රජය වෙනුවෙන් රු.මිලියන 124 ක වගේ මුදලක් ඉතුරු කරලා තියෙනවා. ටෙන්ඩර් බෝඩ්වලදී අපිට තේරෙනවා ඇතැම් ඖෂධ මිල ගණන් වැඩි බව. එහෙම අවස්ථාවලදී අපි එම සමාගම් සමඟ සාකච්ඡා කරලා මිල ගණන් අඩුකරගන්නවා. ඕන නම් අපිට පුළුවන් ඉල්ලන ගාණ ගෙවන්න. නමුත් අපි රට ගැන හිතලා තමයි තීන්දු තීරණ ගන්නේ."

ආචාර්ය රූමි මහතා පවසන පරිදි මේ වනවිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අර්බුදකාරී තත්ත්වයක නැත. ඔවුන් සිය කාර්යභාරය නිසි පරිදි ඉටුකරමින් හිඳී. නමුත් ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් එල්ලවන චෝදනා සුළු පටු නැත.

"මෙතන ලේසි තැනක් නෙවෙයි. බෙහෙත් එක්ක සම්බන්ධයක්නේ තියෙන්නේ. එක අතකින් මේක ලොකු බිස්නස් එකක්. එහෙම වුනාම නා නා විධ අය අපිව මුණගැහෙන්න එනවා. ඒ අය හිතනවා මේ පුටුවල ඉන්න හැම කෙනාම වැඩ කරන්නේ සල්ලිවලට කියලා. ඒ අය අපෙනුත් බලාපොරොත්තු වෙනවා අපිට යමක් දීලා ඒ අයගේ වැඩේ කරගන්න. නමුත් සමහර අයට තේරෙනවා අපි ඒවාට අවනත වෙන්නේ නැහැ කියලා."

මේ අතරතුරදී රූමි මහතාට චෝදනා එල්ල වන්නේ ඖෂධ ආනයනය කරන සමගම්වලට ඔහු අනිසි බලපෑම් කරමින් සිටින බවයි.

"මෙහෙම ඉන්න කොට තමයි මාව සම්බන්ධ කරලා වෙබ්වල, පත්තරවල එක එක දේවල් යන්න පටන් ගන්නේ. ප්‍රධාන කාරණා දෙක තුනක් කතා කරනවා. එකක් තමයි ෆාමෙර්ස් කියන සමාගමේ අයිතිකාරයාගේ භාර්යාව මගේ භාර්යාවගේ සහෝදරියක් කියලා කියනවා. ඥාති සංග්‍රහයලු. ඒක සම්පුර්ණයෙන්ම වැරදි කතාවක්. ඒක බොරු චෝදනාවක්. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් එදාට මම මේ තනතුරින් ඉල්ලා අස්වෙනවා.

අනික තමයි මම බලපෑම් කරලා තියෙනවලු රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිටයි, සාමාන්‍යාධිකාරීවරයාටයි. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ට බලපෑම් කරනවලු. අපි හැමවෙලාවෙම කතා කරන්නේ spc එකේ දේවල් විතරයි. අපිට පෞද්ගලික දේවල් කතා කරන්න අවශ්‍ය නැහැ. කාටවත් බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ අපේ රාජකාරිය.

පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහත්මයා කියලා තිබුණා මම රාජිත ඇමැතිතුමාත් එක්ක සිංගප්පුරු ගියේ ඇමතිතුමාගේ බිල ගෙවන්න කියලා. ඇමතිතුමාගේ බිල ගෙව්වේ ජනාධිපති අරමුදලින්."

මේ සියලු කාරණා අතර වැඩි කතාබහකට ලක් වුයේ පිළිකා ඖෂධ සම්බන්ධයෙන් නැගුණු චෝදනාය.

මිලියන 71 බෙහෙත ලක්ෂ අටකට !

"එක දවසක් මෙතනට බෙහෙතක් ආවා. එකේ අඩුම ගාණ මිලියන එකයි ගාණක්. වැඩිම කෙනා දාල තිබුණේ මිලියන 71 ගාණක්. වැඩිම කෙනාගේ තමයි ලියාපදිංචිය තියෙන්නෙත්. ඒ නිසා එයා දන්නවා එයා විතරයි ඉන්නේ කියලා. ඒ නිසා වැඩිම ගාණට දාලා. හරි විදිහට බැලුවොත් එයා විතරක් ඉන්න නිසා එයාට ටෙන්ඩරය දෙන්න ඕනේ. මේ ගැන අපේ නිලධාරීන් මට කිව්වම මම ෆයිල් එකත් අරන් රාජිත ඇමතිතුමා මුණගැහෙන්න ගියා. මම කිව්වා මේ ඩිෆරන්ට් එක බලන්න, මේකට මොකද කරන්නේ කියලා. ඇමතිතුමා එකහෙලාම කිව්වා මේක ගන්න එපා කියලා.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවයි බංග්ලාදේශ ආණ්ඩුවයි අතර ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුමේ නිෂ්පාදන 11 ක් ලියාපදිංචි වෙලා තියෙනවා. පස්සේ බලද්දී අර කියන ඖෂධය මේ ගිවිසුමේ තිබුණා. පස්සේ අපි ඒක ලක්ෂ 8යි ගණනකට ගත්තා. මිලියන 71 ට තිබුන එක අන්තිමට අපි ලක්ෂ 8 ට ගත්තා. බලන්න මොනතරම් ඉතිරියක්ද ?"

ජවිපෙට හිරිකිතයිලු !

"මේ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහත්මයා හිරිකිත කතාවක් කියල තිබුණා, රුසියානු සමාගමකින් ගෙන්වපු පිළිකා ඖෂධයක් සම්බන්ධයෙන්. වැදගත්ම කාරණය ඇවිල්ලා මේ අලුත් සමාගම එන්න ඉස්සෙල්ලා මේ කියන පිළිකා ඖෂධය එක වෑල් එකක් රු. 285,000 ට අරන් තියෙන්නේ. නමුත් රුසියානු සමාගමෙන් ගන්නේ රු. 140,000 කට. මේකෙන් මිලියන ගණනක ලාභයක් ආණ්ඩුවට ලැබුණා. දැන් jvp එක හැම වෙලාවෙම කියන්නේ ආණ්ඩුව ඉතුරු කරන්න ඕනේ කියලනේ. ඔන්න අපි ඉතිරි කරලා පෙන්නුවා. දැන් ඒ අයට හිරිකිතයිලු. ඒ අයත් කියන්නේ බහුජාතික සමාගම්වල කතා. මිලියන 900 ක පිළිකා ඖෂධයක් ගෙනල්ලා ඒවා භාවිතා කරන්නේ නැහැ කිව්වා. එච්චර ගාණක් ගියෙත් නැහැ. ඩොක්ටර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න හැමෝම ඖෂධය පාවිච්චි කරනවා. ඒ ගැන කිසිම පැමිණිල්ලක්වත් ඇවිල්ලා නැහැ."

ඉහළ මිල ගණන්වලට ඖෂධ ටෙන්ඩර් ලැබුණද රජය හා ජනතාවගේ පාර්ශවයේ හිඳිමින් මිල ගණන් අඩුකිරීමට කටයුතු කරන බව ආචාර්ය රූමි මහතා පවසයි. ඖෂධ මිල අඩු කිරීම, අක්ෂි කාචවල මිල නියාමනය කිරීම, නොමිලේ ස්ටෙන්ස් ලබාදීමට කටයුතු කිරීම ආදී සියලු කටයුතු මහා භාණ්ඩාගාරයට බරක් නොවී ඉටුකරන්නේ මෙම කළමණාකාරිත්වය හේතුවෙන් බවයි හෙතෙම සඳහන් කරන්නේ.

ඔමෙක්ස්ට බැරි වුණා අපිව සල්ලිවලට ගන්න !

"ඔමෙක්ස් සමාගම කියන්නෙත් පිළිකා ඖෂධ සපයන සමාගමක්. මේ සමාගමේ "මෙවන්" කියන මනුස්සයා කාලාන්තරයක් තිස්සේ මට කතාකරලා මාව මුණගැහෙන්න ඕනේ කිව්වා. මාව ඇවිත් හම්බුනා. එයා එක එක විදිහේ යෝජනා මට කළා. එයා කියනවා එයාගේ ප්‍රඩක්ට් එක රෙජිස්ටර් කරන්නලු. මම කිව්වා මට එහෙම කරන්න බැහැ කියලා. ඒක කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය එතනට ගිහින් කරගන්න කියලා. එයා මට කෝල් කරනවා, sms එවනවා. නමුත් මම ඒවාට ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. මට ඒ යෝජනා ගැන පැහැදීමක් තිබුනේ නැහැ. මම කැමති වුනෙත් නැහැ. මුදල් විතරක් නෙවෙයි වෙන වෙන දේවල් පවා ඔෆර් කළා. බැරිම තැන මගේ හිතවතුන් හරහා බැලුවා මව අල්ලගන්න. එකත් බැරිවුනා. එයාලට බැරිවුනා එයාලගේ සල්ලිවලට අපිව ගන්න. ඒ නිසා තමයි දැන් අපිට මඩ ගහන්නේ."

අන්තිමට ඔය ඔමෙක්ස් එකෙන් අමතිතුමාටයි, ලේකම්තුමාටයි, අපේ සභාපතිතුමාටයි ලියුමක් එවලා තිබුණා මම බලපෑම් කරනවා කියලා. ඒ ලියුමේ ලිපිනය ගැන හොයලා බැලුවහම එතන එහෙම තැනක් නැහැ. අඩුම තරමේ මම ඔය කියන ඖෂධය මොකක්ද කියලා දන්නෙත් නැහැ.

අපි අවුරුද්දකට බෙහෙත් ගෙන්වන්න ටෙන්ඩර් 7000 ක් විතර දානවා. ප්‍රශ්නයක් ඇතිවෙන්න අපි ඒවා කරන්නේ නැහැ. නියමිත ක්‍රමවේදයට තමයි වැඩ කරන්නෙත්."

ඒ අනුව මේ වනවිට ඖෂධ සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවත් ඖෂධවල ප්‍රමිතිය පිලිබඳ ගැටළුවක් නොමැති බවත් ආචාර්ය රූමි මහතා අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔමෙක්ස්ට බැරි වුණා අපිව සල්ලිවලට ගන්න! - ආචාර්ය රූමි
ඔමෙක්ස්ට බැරි වුණා අපිව සල්ලිවලට ගන්න! - ආචාර්ය රූමි
http://ift.tt/2mw7z4F
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_880.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_880.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy