ඊළඟට තිබුණේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ ප්‍රධාන දේශනයයි. දේශනය ආරම්භ කරමින් ම පූජිත පැවසුවේ " හාමුදුරුවනේ ඒක මහ කැත කතාවක්නෙ! ඇයි හාම...
ඊළඟට තිබුණේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ ප්‍රධාන දේශනයයි. දේශනය ආරම්භ කරමින් ම පූජිත පැවසුවේ " හාමුදුරුවනේ ඒක මහ කැත කතාවක්නෙ! ඇයි හාමුදුරුවනේ මේ මම ? මමත් අවංක, දක්ෂ, නිකැළැල්, කිසිම දූෂණයකට සම්බන්ධ නැති කෙනෙක්නේ ? ඇයි මං ගැන ඔබවහන්සේ එහෙම නොකියන්නේ ?" යනුවෙනි. ඔහු ඊටම එකතු කරමින් "හැම එකාම කියන්නේ පූජිතට කෙළවෙලා කියලා, ඒත් මේ ඉන්නෙ මං හොඳට පොලිස්පති පුටුවේ .." යනුවෙන් ද පැවසුවේය.
පූජිතගේ විකාර කතාවෙන් තක්බීර් වී ගිය සභාවේ සිටි අයෙක් හඬනඟා කීවේ " ඔහොම කියන්න එපා සර්, ඕවා පත්තරවල යයි" කියා ය. පූජිත හැරෙන තැපෑලෙන් උත්තර දුන්නේ " පත්තර කාරයො ? ඕකුන්ව මං එනකොටත් සර්ච් කරනවා, යනකොටත් සර්ච් කරනවා " ලෙස ය.
ලංකාවේ පොලිස්පතිවරයා සිතාගෙන සිටින්නේ ප්‍රවෘත්ති යනු සාක්කුවේ දමාගෙන යන භාණ්ඩ විශේෂයක් කියා විය යුතුය. එනකොට සර්ච් කරන්නේ ප්‍රවෘත්ති රැගෙන එනවාදැයි බැලීමට ය. යනකොට සර්ච් කරන්නේ ප්‍රවෘත්ති රැගෙන යනවාදැයි බැලීමට ය. රටකට ගිය කලක් ඔහොමය.
මේ අතර මේ අවස්ථාවට සහභාගී වූ පිරිසක් පැවසුවේ " මේ යකා කෙළින පිස්සු වල හැටියට මිනිහා හරියන්නෙ මෙහෙට නෙවෙයි ඇමරිකාවට. අර ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක සෙට් උනා නම් හරියට හරි. දැන් රටේ නැති විකාර කියවන එකේ එතකොට ලෝකෙ නැති විකාර කියව කියවා ඉන්න පුළුවන් " යනුවෙනි.
COMMENTS