මෙම වසරේ ක්‍රීඩා සංගම් නිළවරණවලදී අනුගමනය කළයුතු නිර්ණායක ගණනාවක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් හඳුන්වා දී ඇති අතර ඒ අනුව සියලු නිළවරණ මාර්තු...
මෙම වසරේ ක්‍රීඩා සංගම් නිළවරණවලදී අනුගමනය කළයුතු නිර්ණායක ගණනාවක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් හඳුන්වා දී ඇති අතර ඒ අනුව සියලු නිළවරණ මාර්තු 31 වැනිදා වනවිට අවසන් කළයුතු වේ.
අදාල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පළපුරුද්ද නිළවරණ සඳහා ඉදිරිපත් වීමේදී අනිවාර්යයෙන් සලකා බැලීමට නියමිත අතර වසර ගණන් තිස්සේ ක්‍රීඩා සංගම්වලට ඇතුළු වී සිටින දූෂිත පුද්ගලයන් ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.
මීට අමතරව අදාල ක්‍රීඩාවන්හි ජාතික සංගම්වලට එම ක්‍රීඩාවේ පාසල් සංගම්වල නියෝජිතයෙකු ද ඇතුළත් වන අතර ඒ හරහා ජාතික ක්‍රීඩා හා පාසල් ක්‍රීඩා අතර සම්බන්ධීකරණයක් ඇතිකිරීමට අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩා සංගම් සැලකිය යුතු ප්‍රමාණයක නිළවරණ පවත්වා නොමැති අතර මාර්තු 31 ට පෙර එම නිළවරණ පැවැත්වීමට හැකිවේද යන්න ගැටලුවකි.
COMMENTS