දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාරංග - උමාලි පළහිළව්ව හා කන්ද කෙන්ද කරන මාධ්‍ය
Homeගොසිප්

සාරංග - උමාලි පළහිළව්ව හා කන්ද කෙන්ද කරන මාධ්‍ය

PropellerAds

සාරංග - උමාලි පළහිළව්ව හා කන්ද කෙන්ද කරන මාධ්‍ය මේ දිනවල ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වල පැතිරී යන රසවත් ආරංචියක් බවට පත්ව තිබෙන්නේ ප...

කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි - පොලිතින් 2017 තහනම්
ජයවර්ධනපුර රෝහලේ ලෙඩුන්ගේ ගිලන් රියෙන් මළ මිනී ගෙනිහින්
Star Friends Year-end Dinner Party 2016

සාරංග - උමාලි පළහිළව්ව හා
කන්ද කෙන්ද කරන මාධ්‍ය

මේ දිනවල ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වල පැතිරී යන රසවත් ආරංචියක් බවට පත්ව තිබෙන්නේ ප්‍රකට ටෙලි නළු යුවළක් වන සාරංග දිසාසේකර මා උමාලි තිලකරත්න අතර විවාහය දෙදරා ගොස් ඇති කතාවයි.
මෙම කාරණාව සම්බන්ධ සාක්ෂි රහිතව විවිධ ප්‍රබන්ධාත්මක පුවත් මේ සමග ඈඳා කන්ද කෙන්ද කරන මාධ්‍ය අවභාවිතාවක්ද හඳුනාගන්නට ලැබී තිබේ.
සාරංග - උමාලි අතර විවාහය හරියටම මීට වසර 3 කට පෙර
2014 මාර්තු මාසයේ සිදු විය. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය හා සම්බන්ධ ප්‍රසිද්ධ ධනපතියෙකුගේ දියණිය වන උමාලිගේ මංගල්‍යය මහ ඉහළින් සමරන්නට ඔවුන් එකල කටයුතු කර තිබුනේ සාද තුනක් පවත්වමිනි. විවාහය සිදු වන විටත් උමාලි ජපානයේ අධ්‍යාපනික කටයුත්තක නිරතවූ අතර විවාහයෙන් පසුවත් ඇයට
තනිවම වරින් වර එහි යාමට සිදු විය. ඇගේ පියාද බොහෝ විට වාසය කරන්නේ එරටේය.

සාරංග නිවේදකයෙකු ලෙස හා නළුවෙකු ලෙස අධික කාර්යබහුල චරිතයක් වූ අතර ඔවුන් දෙදෙනාගේම විවිධ වැඩ අතරවාරයේ තැන් දෙකක වාසය කිරීම අරුමයක් වී තිබුනේ නැත.2016 මාර්තු මාසයේ සාරංග ජපානයට ගෙන්වාගෙන ඔවුනගේ විවාහයේ දෙවන වර්ෂ පූර්ණය සමරන්නටද උමාලිගේ පියා කටයුතු කර තිබුණි. සමාජය තුළ අහිංසක යුවළක් ලෙස ප්‍රකටවී තිබුන මේ දෙදෙනා තම දක්ෂතාවයන් ගැන විශ්වාසය තබා ඉදිරියට පැමිණි අතර අනවශ්‍ය ලෙස මාධ්‍ය ප්‍රසිද්ධියක් ලබාගන්නට වෙහෙසුනේද නැත.

සාරංග අවස්ථා ගණනාවකම ජනප්‍රියම නළුවාට හොඳම නළුවාට සම්මාන ලැබූ අතර ඒ බොහෝ අවස්ථාවල උමාලිද සතුටින් ඉපිළෙමින් එම අවස්ථාවලට එක්ව සිය සංතෝෂය පළකර තිබුණි.
කෙසේ වෙතත් වාර්තාවන ආකාරයට මීට මාස කිහිපයකට පෙර සිට ඔවුන් දෙදෙනා අතර කිසියම් ගැටලුවක් සම්බන්ධ වාදයක් හටගෙන තිබේ.මෙය වූ කලි දෙදෙනා අතර අභ්‍යන්තර ගැටලුවක් වන අතර කිසිම බාහිර පාර්ශ්වයක් සම්බන්ධ නැති දෙයකි. මෙම වාදය දුරදිග ගිය තැන උමාලි සිත් අමනාපයෙන් ජපානයේ සිටින පියා ළඟට යළි ගොස් තිබේ. කාලය සමග මෙම ගැටලුව විසඳෙන්නට ඉඩ තිබෙන බව ඇගේ පවුලේ අයගේ මෙන්ම සාරංගගේ පවුලේ අයගේ අදහසවී තිබේ.

මේ අතරවාරයේ විවිධ උපන් දින සාද ආදියට දිගින් දිගටම සාරංග උමාලි නැතිව තනිව පැමිණි අවස්ථාවල මිතුරන් කරන විමසීම් නිසා සාරංග හා උමාලි අතර විරසකයක් ඇති බවට කතා පැතිර තිබේ. මෙම පුවත ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තේරුම් ගත්තේ වෙනස් ලෙසකට බව මේ වනවිට ඒ සම්බන්ධ ලේනුන් සම්බන්ධ කරගෙනක සමීප යෙහෙළියන් සම්බන්ධ කරගෙන පැතිරෙන ප්‍රබන්ධ කතාවලින් තහවුරු වෙයි. සාරංග මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ ප්‍රසංගයක් සඳහා සහභාගී වන අතර ඒ කණ්ඩායමේ දිනක්ෂි සිටීම නිසා ඒ දෙදෙනා පටළවන්නටද සාරංග හා ශලනි ටෙලියක පෙම්වතුන් වීම නිසා ඒ දෙන්නා පටළවන්නටද මෙම ප්‍රබන්ධ කතා කරුවන් උත්සාහ ගෙන තිබුණි.

මෙම ප්‍රබන්ධ කතා නිසා සිත් බිඳුණ සාරංග සිය ෆේස්බුක් පිටුවෙන් ඒවාට සිය අප්‍රසාදයද පළ කර තිබුණි.
සාරංග උමාලි පවුල් ප්‍රශ්නය ඔවුන් විසඳාගනු ඇත. සියල්ල කාලය විසඳුනු ඇත.

පහත පළවන්නේ සාරංග උමාලිගේ විවාහයේ ඡායාරූප එකතුවයි
Saranga - Umali Wedding held at Jaic Hilton Colombo 14.03.2014

Pix By -Indika Mallawarachchi & Suren Abeysundara
Dressing-Champi Siriwaradena First Dress- Abisaka Mandapaya Cake-Youmma , Deco-Chamathkara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාරංග - උමාලි පළහිළව්ව හා කන්ද කෙන්ද කරන මාධ්‍ය
සාරංග - උමාලි පළහිළව්ව හා කන්ද කෙන්ද කරන මාධ්‍ය
http://ift.tt/2nkY31n
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_611.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_611.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy