දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලසන්ත ඝාතකයින්ට කීත් නොයාර් රැකවරණ සලසයිද ?

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් මෙසේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හැරුණේ කීත් නොයාර් මහතාට මෙම නඩු විභාගය ...

ලසන්ත ඝාතකයින්ට කීත් නොයාර් රැකවරණ සලසයිද ?
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් මෙසේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හැරුණේ කීත් නොයාර් මහතාට මෙම නඩු විභාගය සඳහා ඉදිරිපත් වන ලෙස දිගින් දිගට ම දැනුම් දෙනු ලැබුවද ඔහු නොපැමිණි නිසාය. දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කීත් නොයාර්ට රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා කිහිපවිටක් ම තමන් පැහැරගෙන ගිය කණ්ඩායම හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සහභාගී වන මෙන් දන්වා තිබුණු මුත් ඔහු නොපැමිණීමේ හේතුව කුමක් වුවද ඉන් වාසි සැලසෙන්නේ ම්ලේච්ඡ රාජපක්ෂ කල්ලියට ය. ගැටළුව ඇත්තේ එතැනය. 
 
කීත් නොයාර් නඩුවට අදාලව සිදුකළ පරීක්ෂණවලදී හමු වූ සාක්ෂි, 'සන්ඩේ ලීඩර්' හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුවටද ඉතාම වැදගත් ඒවා වේ. මන්දයත් රාජපක්ෂ භීෂකයින්ගේ පාලන යුගයේ මාධ්‍යවේදීන් දඩයම සඳහා යෙදවූ රාජ්‍ය බුද්ධි අංශයේ ඝාතක කල්ලියක් ( Killer group) පිළිබඳව දැනට තොරතුරු හෙළිදරව් වී ඇති බැවිනි. කීත් නොයාර් පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයද පසුගියදා අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබිණි. එකී වෑන් රථය ද ලසන්ත ඝාතනයටත් සම්බන්ධ බවට සැක පහළ වී තිබේ. නීතිමය ක්‍රියාදාමය මෙසේ පවතිද්දී තමන්ගේ නඩුවට කීත් නොයාර් නොපැමිණීම යනු ලසන්ත ඝාතකයින්ටද නිදහස් වීමට මඟ කැපීමකි. 
 
පැහැර ගෙන ගොස් පහරකෑමට ලක් වූ පැමිණිලිකරු නඩුව පිළිබඳව උනන්දුවක් නොදක්වන්නේ නම් බොහෝ දුරට ඊළඟ නඩු වාරයේදී කීත් නොයාර් නඩුවේ චූදිතයින් නිදහස් වනු ඇත. එවිට ඔවුන් තමන්ට එරෙහිව බොරු චෝදනා කළ බවට වන්දි ඉල්ලා අධිකරණය හමුවට යාමට වුවත් බැරි නැත. මේ සියල්ල සිදුවනු ඇත්තේ කීත් නොයාර්ව සැබැවින්ම පැහැරගෙන ගොස් කෲර ලෙස වධ හිංසා පමුණුවා තිබියදීය. කීත් නොයාර් ගුටිකා රෝහල් ගත කිරීමෙන් පසුව ඉදිමී සිටින ඡායාරූප පමණක් ලොව හමුවේ තිබියදී මේ සිදුවන්නේ එසේ පහරදුන් එවුන් කීත් නොයාර් විසින් ම නිදහස් කර හැරීමය. 
 
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව සැකකරුවන් 3/4 ක් ම දැනට අත් අඩංගුවට ගෙන තිබේ. අවශ්‍ය වන්නේ ඔවුන් හරහා මෙකී නියෝගය දුන් ප්‍රධානියා හෙළිදරව් කරගැනීමය. හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී හෙන්දාවිතාරණට අණ දුන් රාජපක්ෂ සොයාගැනීමටය. කීත් නොයාර් දැන් කුමක් හෝ හේතුවක් මත ක්‍රියා කරන්නේ මේ ක්‍රියාදාමය වැළැක්වීමටය. මීට සාපේක්ෂව 'රිවිර' හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට ගරු කළ යුතුය. ඔහු සිය බිරිඳ ද කැටුව ඇමරිකාවේ සිට පැමිණ නඩුවට අදාල සිය සාක්ෂිය දුන්නේය. එහෙත් කීත් නොයාර් තමන්ට පහරදුන් උන්ටවත් දඬුවම් දෙවන්නට ඉදිරිපත් වන්නේ නැත. 
 
පසුගිය රාජපක්ෂ පාලන සමය පුරාවට මේ රටේ තිබුණේ අවනීතිය උදෙසා සාක්ෂි පවා අතුරුදන් කරවෙන ක්‍රමයකි. දැන් එම ක්‍රමය අවසන් කර වසර දෙකකි. එහෙත් තවමත් තමන්ට පහරදුන් ඊනියා 'රණවිරුවන්' හඳුනාගැනීමට පවා පහර කෑ මාධ්‍යවේදියකු, එසේම එම පරීක්ෂණය ලසන්ත ඝාතනය හා බැඳී තිබියදී පවා ඉදිරිපත් නොවන මාධ්‍යවේදියකු හැඳින්විය යුත්තේ කවර නමකින්දැයි ඇසිය යුතුය. කරුණාකර ඔහුට 'කීත් නොයාර් රාජපක්ෂ නොකියන්න !' 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29575,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත ඝාතකයින්ට කීත් නොයාර් රැකවරණ සලසයිද ?
ලසන්ත ඝාතකයින්ට කීත් නොයාර් රැකවරණ සලසයිද ?
http://ift.tt/2mVUTFk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_447.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_447.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy