දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හොරු රකින්න රනිල්ගෙන් යෝජනාවක්.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවත්වාගෙන යන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ අපරාධ පරීක්‍ෂණ, ජාතික ප්‍රසම්පාද...


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවත්වාගෙන යන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ අපරාධ පරීක්‍ෂණ, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යටතට පැවරීමට පොලිස් දෙපාර්තමේන්තුවට නියම කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවට යෝජනා කර තිබේ.

2017 මාර්තු 9වැනිදා දාතමින් යුතුව ලියන ලිපියක් මගින් අගමැතිවරයා කමිටුවට දැනුම් දෙන්නේ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිසම පිහිටුවා ඇති බැවින් 2015 ජනවාරි 8න් පසු වර්තමාන රජයේ ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ අපරාධ පැමිණිලි පිළිබඳ පරීක්‍ෂණ ජාතික ප්‍රසම්පාදන කොමිසම යටතට පත්කරන ලෙසය.

ප්‍රසම්පාදන කටයුතු යනු රජයේ දූෂණ, වංචා හා අක්‍රමිකතා සිදුවන වැදගත්ම ක්‍ෂෙත්‍රය වන බැවින්, ඒ පිළිබඳව පරීක්‍ෂණ, විශේෂඥ පළපුරුද්දක් ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් මුදවා ප්‍රසම්පාදන කොමිසමට පැවරීමේ උත්සාහය නීති ක්‍ෂෙත්‍රයේ විමතියට හේතුවී තිබේ.

ජාතික ප්‍රසම්පාදන කොමිසම, අපරාධ පරීක්‍ෂණ පවත්වන ආයතනයක් නොවන අතර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඊට පැවරී ඇත්තේ, රජයේ ආයතන විසින් කරනු ලබන භාණ්ඩ හා සේවා, වැඩ, උපදේශක සේවා සහ තොරතුරු පද්ධති ප්‍රසම්පාදනය, පූර්වයේ අනුමත වූ ප්‍රසම්පාදන ක්‍රම මත සිදුවේද යන්න නියාමනය කොට සුදුසු බලධාරීන් වෙත වාර්තා කිරීමයි. ඊට අමතරව, රජයේ ආයතන විසින් පිළිගත් පටිපාටිවලින් සහ මෙහෙයුම් නිර්ණායකවලින් බැහැරව කරන ලද ප්‍රසම්පාදන වාර්තා විමර්ශනය කිරීම සහ එකී ප්‍රසම්පාදන සම්බන්ධයෙන් වගකිවයුතු නිලධරයන් ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා අදාළ බලධාරීන්ට වාර්තා කිරීමයි.

මෙම විධිවිධාන අනුව, ප්‍රසම්පාදන කොමිසමට කළ හැක්කේ විමර්ශනය කොට අදාළ බලධාරීන්ට වාර්තාකිරීම පමණකි. එම විමර්ශන සඳහා වුවද විමර්ශන නිලධාරීන් කොමිසමට නැත. එහෙත් මූල්‍ය අපරාධ කොට්ඨාසය යනු එවැනි අපරාධ පිළිබඳ විශේෂඥභාවයක් ඇති පොලිස් ඒකකයකි.
මෙම යෝජනාව මගින්, වර්තමාන ආණ්ඩුවේ ප්‍රසම්පාදන අක්‍රමිකතා යට ගැසීමේ වෑයමක් පෙනෙන බව නීති ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයෝ කියති. 

(රාවය)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29544,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොරු රකින්න රනිල්ගෙන් යෝජනාවක්.
හොරු රකින්න රනිල්ගෙන් යෝජනාවක්.
http://ift.tt/2o7eq5X
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_387.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_387.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy