අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ...
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තුව තුළ එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි කණ්ඩායම් ගොඩනගාගෙන නායකයන් විය නොහැකි බවත් ප්‍රායෝගික වශයෙන් එවැනි පියවරක් ගත නොහැකි බව දැන දැනත් එවැනි ඉල්ලීම් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ කාලය අපතේ හරින බවත් ඇමතිවරයා පවසයි.
පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ කණඩායම් තීරණය කළයුත්තේ පක්ෂ ලේකම්වරුන් විසින් බවත් එම තීරණය පිළිගැනීම හැර, කුමන පුද්ගලයෙකු ඉල්ලා සිටියද ඒ සඳහා අවස්ථාව ලබාදීමට කතානායකවරයාට බලයක් නොමැති බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් හිටපු කතානායකරුන් වන එම්.එච්.එම්. මොහමඩ් මහතා, අනුර බණ්ඩාරනායක මහතා ලබාදුන් තීන්දු සැළකිල්ලට ගතහැකි බවයි ඔහු පවසන්නේ.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=25rkQMkANy4&feature=youtu.be[/youtube]
'''''''''''
COMMENTS