දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා - රාජිත

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ඔවුන්ට වක්‍රව සහයෝගය දක්වමින් සිටින බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයා මේ බව ප්‍ර...

සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා - රාජිත

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ඔවුන්ට වක්‍රව සහයෝගය දක්වමින් සිටින බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පයාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. බෝ නොවන රෝග වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරම්භ කර ඇති කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කරමින් මග්ගොන ක්‍රීඩාංගනයේ ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා ඊයේ (11) මෙම උත්සවය පැවැත්විණි. එක් කායවර්ධන මධ්‍යස්ථනායක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මිලියන 20 ක උපකරණ ලබාදීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සමහරුන් අනුමත නොකරන බවත් එපමණකින් නොනැවතී එයට බාධා පමුණුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. අක්ෂි කාච, ආනයනික ඖෂධ වර්ග අඩුකිරීමට වෛද්‍යවරුන් පවා එරෙහි බවත් එයට හේතුව සමාගම්වලින් ඔවුන්ට ලැබෙන වාසි අහිමි වීම බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ කුමන බාධා පැමිණියද රෝගීන්ගේ යහපත වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

'බෝනොවන රෝග ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයම මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගයක්. ශ්‍රී ලංකාවෙි රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 70 ක් මියයන්ගේ බෝනොවන රෝගවලිිනි. ඊට හේතු ලෙස දුම්බීම, මධ්‍යසාර භාවිතය, ලුණූ, සීනි සහ මෙිදය අඩංගු ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම බව හෙළි වී තිඛෙනවා. දුම්බීම අවම කිරිම සදහා දුම්කොළ සමාගම් වලින් සියයට 90 ක් බදු අයකර ගැනීමට රජය පසුගියදා කටයුතු කළා. ඊට විවිධ බලපෑම් එල්ල වුනා. දුම්කොළ සමාගමෙන් රජයට වාර්ෂිකව ලැඛෙන බදු මුදල වන්නේ රුපියල් බිලියන 100 ක්. ඊට වඩා වැඩි මුදලක් රෝග බෝවීමෙන් පසු එම රෝග සුව කිරීම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය කිරීමට සිදු වනවා. දුම්බීමෙන් පමණක් වසරකට ලෝකය පුරා පුද්ගලයින් මිලියන 30 ක් මියයනවා. ශ්‍රී ලංකාවෙි දුම්බීමෙන් සහ මධ්‍යසාර පානයෙන් වසරකට 35,000 ක් මිය යනවා. ඔවුන් අතර සියයට 05 ක් දරුවන් ද සිටිනවා. ලබන සතියේ දී තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීෙමි අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කරනවා. එය සම්මත වූ පසු සිගරට් පැකට් පමණයි වෙළෙදසැල්වල විකිණිය හැක්කේ. සීනි භාවිතය අවම කිරීම සදහා පැණි බීමවලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දුන්නා. බහුජාතික සමාගමක් එම වැඩපිළිවෙලෙන් පසු සීනි සියයට 10 ක් අඩුවෙන් පැණි බීම හැදීමට සුදානම් වී සිටිනවා. රසකැවිලි නිෂ්පාදකයින්ටත් එම නීතිය ගෙනඒමට මම සුදානම්.'

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා - රාජිත
සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා - රාජිත
http://ift.tt/2mxGFXL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_281.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_281.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy