ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන්ම හැදූ කැඩිලැක් ලිමොසින් රථය - ‘මෘගයා‘ ගැන තොරතුරු පිටවේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිල පරිහරණය පිණිස විශේෂය...
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන්ම හැදූ
කැඩිලැක් ලිමොසින් රථය - ‘මෘගයා‘
ගැන තොරතුරු පිටවේ
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිල පරිහරණය පිණිස විශේෂයෙන් සාදවා ගත් ඔහුගේ ලිමොසින් රථය ‘කැඩිලැක් වන් ‘ වාහනය
පිලිබඳ තොරතුරු ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. පසුගිය ජනවාරි මාසයේම එය භාවිතයට ගන්නට අපේක්ෂාවෙන් සිටියත් පෙබරවාරිය අග දක්වා එහි නිෂ්පාදනය කල්ගොස් තිබුණි. ජෙනරල් මෝටර්ස් සමාගම නිපදවා තිබෙන එම වාහනය 'මෘගයා' ('The Beast')ලෙස හැඳින්වේ. එය ධවල මන්දිරය වෙත භාර දීමට පෙර අවසන් පරීක්ෂණ අවස්ථාවේ
මෙම ඡායාරූප ලබාගෙන ඇත.
විශාල SUV වාහන දෙකකට වඩා වැඩි ඉඩක් ඇති මෙම රථයේ පැහැය කළු සහ රිදී මිශ්‍ර එකකි.
ජෙනරල් මෝටර්ස් සමාගම ඔවුන් පවසන්නේ මෙය දැනට ලෝකයේ තිබෙන ආරක්ෂිතම වාහනය බවයි.
රථයේ අඟල් පහක් ඝන ඉදිරිපස කොටස ආයුධ විදින උණ්ඩ හෝ 0.44 magnum වලට ඔරොත්තු දෙන හමුදා යුදරථ වලට සමාන ආරක්ෂාව සපයා ඇත. මාර්ගය අසබඩ බෝම්බ හා ඉන්ධන ටැංකි ඉක්මවා යන පිපිරුමක් ඇති වුවත් ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇත.
රියදුරු පැත්තේ කවුළුව පමණක් විවෘත කළ හැකි ආකාරයට නිපදවා ඇත.හිදිසි අවස්ථාවක වෙඩි තැබීමේ පද්ධතියක් ටයර්වල හුළං ගියත් ඔරොත්තු දෙන Kevlar ටයර් ක්‍රමයක් මෙන්ම රසායනික ප්‍රහාරයක වහා ක්‍රියාත්මක වන ඔක්සිජන් පද්ධතියක්ද එහි ඇතුළත තිබේ.
සතුරාට එරෙහිව ගිනි ප්‍රහාර එල්ල කිරීමේ පද්ධතියක්ද එහි පුවරුවේ සවිකර ඇත.
මෘගයා යනු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති වාහන බල ඇණිය තුළ ඇති එකම අධි තාක්ෂණික වාහනය නොවන බවද වාර්තාවේ.
මේ හා සමාන තවත් වාහන තිබෙන අතර අවශ්‍ය අවස්ථාවක ජනපතිවරයාට ඒවායේද සමෟපූර්ණ ආරක්ෂාව ඇතිව ගමන් කළ හැකි බව කියැවේ.
COMMENTS