දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ක්‍රිකට් පරාජයට හේතුව මෙන්න.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීම සඳහා අවස්තාව ලබාදිය යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රික...


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීම සඳහා අවස්තාව ලබාදිය යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් විචාරක ඩීන් ජෝන්ස් පවසයි.

අඟහරුවාදා පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි දෙවෙනි එක් දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු වූ අතර තරගයේ විස්තර විචාරයේ යෙදෙන ඩීන් ජෝන්ස් කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ කණ්ඩායමේ නායක උපුල් තරංගගෙන් ඒ පිළිබඳ විමසීමක් කළේය.

2015 ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 40කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම කණ්ඩායමේ ස්ථාවරභාවයට ගැටළුවක් නොවන්නේ දැයි ඔහු විමසූ අතර නායක උපුල් තරංගගෙන් එයට නිසි පිළිතුරක් නොලැබුණි.

මෙලෙස දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම එක්දින තරගාවලි වලදී ශ්‍රී ලංකාව දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇති බව වෙනත් ක්‍රීඩා විචාරකයෝද පෙන්වාදෙති.

2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 38කින් ජයගෙන තිබෙන්නේ තරග 12ක් පමණක් වන අතර, එම ජයග්‍රහණවලින් බහුතරය වාර්තා වී තිබෙන්නේ අයර්ලන්තය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිවය.

මේ ආකාරයෙන් දිගින් දිගටම එක්දින තරග පරාජය වුවහොත්, ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්තාව පවා අහිමිව යාමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස පළමු පෙළ ක්‍රිකට් තරගවල පූර්ණ ප්‍රතිශෝධනයක් කිරීමේ අවශ්‍යතාවය ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි මේ අතර පෙන්වාදෙයි.

ඒ සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ සහ අගමැතිවරයාගේ පවා පූර්ණ සහාය පළ වූ නමුත් 'ක්‍රීඩා සමාජ දේශපාලනය' හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව ද සිදත් වෙත්තමුණි පසුගියදා පැවසීය.

ඒ සඳහා මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වැනි මෑතදී ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැකිලෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

(BBC)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් පරාජයට හේතුව මෙන්න.
ක්‍රිකට් පරාජයට හේතුව මෙන්න.
http://ift.tt/2o7cpXl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_170.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_170.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy