තමාගේ නම මුදල් ඇමතිධූරය සඳහා මලික් සමරවික්‍රම මහතා යෝජනා කර ඇති බව දැනගත් මංගල සමරවීර මහතා මලික් අමතා ප්‍රකාශ කොට ඇත්තේ ‘ මුදල් ඇමතිකම මට...
තමාගේ නම මුදල් ඇමතිධූරය සඳහා මලික් සමරවික්‍රම මහතා යෝජනා කර ඇති බව දැනගත් මංගල සමරවීර මහතා මලික් අමතා ප්‍රකාශ කොට ඇත්තේ ‘ මුදල් ඇමතිකම මට එපා. මේ ඉන්න විදිහට මට ඉන්න දෙන්න. ඔච්චරම ඕන්නම් ඇයි ඔයා මුදල් ඇමතිකම ගන්නැත්තෙ? චරිතල පාස්කරලිංගම්ලත් එක්ක මට වැඩිය හොඳට ඔයාට වැඩ කරන්න පුළුවන්නෙ. ඒක නිසා වැඩේට සුදුසුම කෙනා ඔයා. අපිව ගාවන්නෙ නැතුව වැඩේ කර ගන්න' කියාය. නමුත් එහිදී තමා එවන් යෝජනාවක් කළ බව මලික් සමරවික්‍රම මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතරතුර ජනාධිපතිවරයා තමාට හිතවත් ශ්‍රීලනිප ප්‍රභලයින්ගෙන් මුදල් ඇමති ධූරය වෙනස් කිරීම පිළිබඳව කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා චම්පික රණවක අමාත්‍යවරයා බවයි. මේ පිළිබඳව චම්පික රණවක අමාත්‍යවරයා තම සමීපතමයන්ට පවසා ඇත්තේ ‘වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්‍යධූරය දැරීමට සුදුසුම පුද්ගලයා වරලත් ගණකාධීකාරීවරයෙකු වන රවී කරුණානායක මහතා බවයි. වරලත් ඉංජිනේරුවෙකු වන තමාට මුදල් අමාත්‍ය ධූරය කිසිසේත් නොගැලපෙන බවත් තමා එම ධූරය කිසිදාක අපේක්ෂා නොකරන බව' අමාත්‍යවරයා අවධාරණය කොට ඇත .
යම් හෙයකින් රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් කළ හොත් එය යහපාලන ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට විශාල හානියක් වන බව මධ්‍යස්ථ දේශපාලන විචාරක මතයයි.
රවී කරුණානායක මහතා මාර්තු මස 25 වෙනිදා ලන්ඩනය බලා යාමට නියමිතව ඇත්තේ ‘ The Banker' සඟරාව විසින් හොඳම මුදල් අමාත්‍යවරයාට පිරිනමනු ලබන සම්මානය පිළිගැනීම සඳහායි.
COMMENTS