රාහුල 99 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් විද්‍යාලයීය නව සංවර්ධන සැලැස්ම යටතේ රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමට අවශ්‍ය සජීවී විකාශන පහසුකම් සහිත ලක...
රාහුල 99 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් විද්‍යාලයීය නව සංවර්ධන සැලැස්ම යටතේ රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමට අවශ්‍ය සජීවී විකාශන පහසුකම් සහිත ලක්ෂ 6 කට ආසන්න නවීන උපකරණ පද්ධතියක් එම කණ්ඩායමේ සොයුරන්ගේ නොමද දායකත්වයෙන් 2017.03.27 දින විද්‍යාලයට ප්‍රදානය කරනු ලැබීය. 99 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ රංගන ගුණසේකර මහතා විසින් විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලේගේ මහතාට මෙම ප්‍රදානයන් සිදුකරනු ලැබූ අතර මෙම අවස්ථාවට විද්‍යාලීය ආචාර්යවරුන් සහ 99 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ පිරිසක්ද එක්ව සිටියේය.
මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සදහා තිලාන් මද්දුමාරච්චි සහ මාලක මධුර යන සහෝදරයන් ඇතුලු දෙස් විදෙස්හි සිටින 99 ආදී ශිෂ්‍ය සහෝදර ප්‍රජාවගේ දායකත්වයෙන් මෙම පරිත්‍යාගය පාසලට සිදුකරන ලදී. රාහුල විද්‍යාලීය විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ ප්‍රසාදයද 99 ආදී ශිෂ්‍ය පිරිස වෙත මෙහිදී හිමි විය. මෙම අවස්ථාවට විද්‍යාලීය ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් වාසික නිලාන් සිල්වා මහතාද එක්ව සිටියේය.
COMMENTS