දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට
Homeගොසිප්

සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට

PropellerAds

සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ප්‍රතිඵල ලැබූවන් ගැන වර්ණනාත...

ට්‍රම්ප් අත්සන් කිරීමට නියමිත ඇමෙරිකා ආරක්ෂක අයවැයෙන් ලංකාවටත් අරමුදල්.
සන්ධානයේ පක්ෂ 08ක් මෛත්‍රී හැරයයි - ජනපතිවරණයට සිවිල් සංවිධාන අපේක්‍ෂකයින් සිව්දෙනෙක්.
'වසර 3යි, උදාගම් 1000යි : මහ රජෝ වැඩ කෝ' - සජිත්

සාමාන්‍ය පෙළ අසමත් වූවන්
දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට

2 නෙකු මරුට

සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ප්‍රතිඵල ලැබූවන් ගැන වර්ණනාත්මක මාධ්‍ය වාර්තා පළ කෙරෙන අතරවාරයේ මේ විභාගය අසමත්වීම මත ජීවිත අහිමි කරගන්නට උත්සාහ දැරූවන් මෙන්ම එසේ දිවි තොරකරගත්තවුන් දෙදෙනෙකු පිළිබඳවද අනුවේදනීය ආරංචි අසන්නට ලැබේ.
කොළඹ ඇතැම් පාසල් ප්‍රධානීන් තම පාසලේ ඒ 9 ඒවා මෙච්චරයි ඒ 8 මෙච්චරයි කියන්නට මාධ්‍ය අමතා දුරකථන ඇමතුම් පවා ලබාදෙන්නේ
ඒ ඒ පාසල් අතර තිබෙන තරගකාරීත්වයක් නිසාය. නමුත් සමාජයේ සාමාන්‍ය පෙළ සාමාර්ථය ගැන ඇති කර තිබෙන අමුතු පිළිගැනීමම එය හරිහැටි සමත් කරගන්නට බැරිවූවන්ට පීඩාවක් ඇති කරවන බව බොහෝ දෙනා නොසිතති.
අනුරාධපුරයේ පදිංචි චමෝද් ලලන්ත උදයවර්ණ නමැති සිසුවා ජාඇළ,
කණුවන දුම්රිය මංසන්ධිය ආසන්නයේ දුම්රිය මාර්ගය අසල තුවාල සහිතව මියයාම සහ කහතුඩුව කිරිවත්තුඩුව පදිංචි චලණි ලක්ෂානි සිසුවිය සිය නිවසේ පිටුපස වූ ඇඹරැල්ලා ගසක අත්තක පෙරේදා (28දා) රාත්‍රියේ ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන තිබීම මෙම පීඩනයේ ප්‍රතිඵල දෙකකි. එමෙන්ම ගම්පොළ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් තිදෙනකු මරණයට පත්වීමේ අදහසින් අධික ලෙස ඖෂධ භාවිත කිරීමෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කොට තවම ප්‍රතිකාර ලබති.
දුම්රියට පැන මියගිය චමෝද් ලලන්ත උදයවර්ණ දෙවැනි වරටත් ගණිතය විෂය අසමත්වීම නිසා අනාගතයට බියවී සිටි බවත් ඒ ගැන මිතුරෙකුට දුරකථනයෙන් දන්වා තිබූ බවත් වාර්තා විය.
ඇඹරැල්ලා අත්තක එල්ලී මියගිය සිසුවිය ගණිත විෂය අසමත්ව නැති අතර ඇය මෙවර එම විෂයට සාමාන්‍ය සාමාර්ථයක් පමණක් හිමි වීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි අයෙකි.
ඇය හෝමාගම ප්‍රදේශයේ පාසලක 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. ඇය ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂයට පෙනී සිට ඇති අතර ඉන් ඇයට සාමාන්‍ය සාමාර්ථයක් හිමිව තිබිණි. ඉන් පසු කලා විෂය ධාරාවෙන් කලක් උසස් පෙළ හදාරා තිබේ. ඉන් පසුව පාසල් බලධාරීන්ට ගණිතය විෂයට සාමාර්ථයක් හෝ ඊට වැඩි ප්‍රතිඵලයක් ලබා දෙන බව පොරොන්දුවට ඇය කලා විෂයෙන් වාණිජ විෂය හැදෑරීමට අවස්ථාව ලබා ගෙන ඇත.ඇයට උසස් පෙළට වාණිජ විෂය කිරීමට ඉදිරියේදී නොහැකි වීම මත සිත් තැවුලෙන් සිට ඇත.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සිසුවියන් තිදෙනාද විභාගය අසමත් වීමෙන් දැඩි පීඩාවට පත්ව තමන් හට ජීවත් වීම පවා එපා වූ නිසා ඖෂධ භාවිත කළ බව පවසා ඇත.මේ අය වෙන වෙනම මෙම ක්‍රියාවන් සිදු කර ඇති බවත් එකිනෙකා හඳුනන්නෙ නැති බවත් වාර්තා විය. මින් එක් සිසුවියක් පැනඩෝල් පෙති 40ක් පමණ බී ඇති බවත් තවත් සිසුවියක් ආශ්වාසනය (ඉන්හෙලර්) සඳහා භාවිත කරන ඔෟෂධ කරල් අධික ලෙස පානය කිරීමෙන් මෙසේ රෝගී වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට
සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට
http://ift.tt/2nOmGaa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/5-2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/5-2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy